මාලදිවයිනේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය...
මාලදිවයිනේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ලක් රජය එහි සියලු පාර්ශවයන් වෙතින් ඉල්ලා සිටින්නේ නීතියේ ආධිපත්‍යයට සහ ව්‍යවස්ථාවට ගරු කරන ලෙසයි.
එමඟින් වත්මන් වාතාවරණයට සාමකාමී විසඳුමක් සොයා ගැනීමට හැකි වනු ඇති බවද ලංකාව අපේක්ෂා කරයි.
මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝග කරනු ලැබුවේ ත්‍රස්ත චෝදනා මත දඬුවම් නියම කළ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමටය.
ඔවුන්ට එරෙහිව දේශපාලන පදනමකින් කටයුතු කර ඇති බවත්, සාධාරණ නඩු විභාගයකින් වරදකරුවන් වන තුරු ඔවුන් නිදහස් කළ යුතු බවත් එමඟින් කියා සිටියහ.
හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් පසුගිය කාලය තුළම ශ්‍රී ලංකාවේ රැඳී සිටි අතර ඔහු ජනපති අබ්දුල්ලා යමීන්ගේ රජයෙන් ඉල්ලා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව කටයුතු කරන ලෙසයි.
නෂීඩ් දිවයිනට පැමිණියේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එංගලන්තයට යාමට අවසර ලැබීමෙන් අනතුරුවය.
COMMENTS