සීමිත සේවක කණ්ඩායමක් විසින් මහජන බැංකුව තුළ හෙට දින (පෙබරවාරි 7) ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයි පැවසෙන එක්දින සංකේත වැඩ වර්ජනය සදහා තම...
සීමිත සේවක කණ්ඩායමක් විසින් මහජන බැංකුව තුළ හෙට දින (පෙබරවාරි 7) ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයි පැවසෙන එක්දින සංකේත වැඩ වර්ජනය සදහා තම සහයෝගය නොදක්වන බව මහජන බැංකුවේ ජාතික සේවක සංගමය, නිදහස් සේවක සංගමය, මහජන බැංකු නිළධාරී සංගමය සහ ලංකා බැංකු සේවක සංගමයේ ප‍්‍රගති පෙරමුණ පවසයි.
එම සංගම් සඳහන් කරන්නේ, හෙට දිනයේදී වර්ජනයට එක්වන බව පවසන්නේ ලංකා බැංකු සේවක සංගමයට අනුබද්ධ සේවක පෙරමුණ නම් එක් කණ්ඩායමක සීමිත සේවක පිරිසක් පමණක් බවයි.
ඒ අනුව, හෙට දිනයේ ද කිසිදු බාධාවකින් හෝ අවහිරයකින් තොරව මහජන බැංකුවේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් විවිධ පුද්ගලයින්ගේ අසත්‍ය ප‍්‍රචාර වලට නොරැවටෙන ලෙසත් මහජන බැංකුව, සිය සේවක මණ්ඩලයෙන් හා ගනුදෙනුකාරභවතුන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
COMMENTS