පළාත් පාලන ඡන්දයේදි ජනතාව ලබා දුන් තීරණය හිස නමා පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ඊයේ (11) පස්වරුවේ එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර...
පළාත් පාලන ඡන්දයේදි ජනතාව ලබා දුන් තීරණය හිස නමා පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
ඊයේ (11) පස්වරුවේ එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ඡන්දයේදි ජනතාව ලබා දුන් තීන්දුව හිස නමා පිළිගන්නා බවත් එමඟින් ජනතාව තම පක්ෂය වෙත අනතුරු අඟවා ඇති බවයි.
ඒ අනුව ඒ පිළිබඳ සිතා බලා සිය කාර්යභාර්ය වඩාත් නිවැරදිව සහ වේගවත්ව ඉටු කරලීමට කැප වන බවයි නිවේදනයේ සඳහන් වෙයි.
රාජපක්ෂ රෙජීමයෙන් වර්තමානයට උරුම වු නිමක් නැති ණය කන්දරාව සහ නිරතුරුව පැමිණි ස්වභාවික විපත් ද මෙම තත්ත්වයට බලපෑ නමුත් අතපසු වු ඒ සියල්ල සපුරාලීමට හා සාර්ථක කර ගැනීමට පූර්ණ වෙහෙස හා ශක්තිය දරන බව ද එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් අතර හදිසි සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත් වුණේ අරලියගහ මන්දිරයේදිය.
පැවති සාකච්ඡාවෙන් පසු මැති ඇමතිවරුන් ද අදහස් පළ කළේය.
COMMENTS