පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් ලබන 09 වන සිකුරාදා දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. මීට අමතරව ඡන්ද...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් ලබන 09 වන සිකුරාදා දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මීට අමතරව ඡන්ද පෙට්ටි, අනෙකුත් ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීමේ හා බාර ගැනීමේ රාජකාරී කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත පාසල් 19ක් හා අධ්‍යාපන විද්‍යා පීඨ 02 ක් හෙට සිට ලබන 09 වනදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
සියලුම පාසල් නියමිත පරිදි ලබන 12 වනදා යළි විවෘත කෙරෙන බව අමාත්‍යංශය නිවේදනය කළේය.
COMMENTS