දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
mahinda rajapaksa
Homeප්‍රවෘත්ති

mahinda rajapaksa

PropellerAds

ය හපාලන ආණ්ඩුව යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ සියලු දෙනාට තම ආණ්ඩුව යටතේ යුක්තිය හා සාධාරණය අනිවාර්යයෙන්ම ඉටු කරන බව විපක්ෂ නායක මහින්ද ර...

රනිල් ලිහන්නම බැරි ගැටයක් ගහයි.. 2025 වන තුරු එජාප නායකයා රනිල්මයි..
19 සංශෝධනය රාජ්‍ය පාලනයට විශාල බාධාවක්.. එය ඉවත් කිරීමට අවශ්‍යයි..- ජනාධිපති
ජනාධිපතිගේ රාජාසන කතාව පරදන්නට එජාප පිරිසක් කුමන්ත‍්‍රණය කරනවා..- එජාප මන්ත‍්‍රී මරික්කාර්
හපාලන ආණ්ඩුව යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ සියලු දෙනාට තම ආණ්ඩුව යටතේ යුක්තිය හා සාධාරණය අනිවාර්යයෙන්ම ඉටු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

එමෙන්ම ආණ්ඩුවේ නායකයන් ප්‍රකාශ කරන ආකාරයට තමන් කිසිම අවස්ථාවක අධිකරණයේ විනිශ්චයකාරවරයකුට බලපෑමක් නොකළ බව විශ්වාසයෙන් ප්‍රකාශ කර සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පසුගියදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති ‘යුක්තියට හඬක්’ සංවිධානයේ ජාතික සම්මේලනයට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

2015 ජනවාරි 08න් පසුව සියලුදෙනාම දන්නවා 09 වැනිදා ආණ්ඩුව පිහිටුවලා සතියක් යන්න කලින් දේශපාලන පළිගැනීම් කරන්න පටන් ගත්තා. දේශපාලන පළිගැනීම්වලට ලක්වුණු පිරිස විශාලයි. මුලින්ම නෑදෑයෝ ටික. ඉන්පසුව මිත්‍රයෝ ටික. ඊට පස්සේ රජයේ සේවකයෝ ටික. ඊළඟට ව්‍යාපාරිකයෝ ටික, ඡන්දෙට උදවු කළ සමහර ව්‍යාපාරිකයන් මේ අවුරුදු 05ටම අපිව හමුවෙන්න ආවේ නැහැ. ඇහුවහම කියනවා සර් අපිට ආයෙ පාරක් එෆ්.සී.අයි.ඩී. යන්න වෙයි කියලා. සමාජයේ හැම ක්ෂේත්‍රයකම කම්කරුවො ගෙනැල්ලත් ප්‍රශ්න කළා.

ඒ තත්ත්වයටම ආණ්ඩුව පත්වුණා. දඩබිමක් බවට පත් කළා වැඩබිමක් බවට පත් කරගෙන ආව රට. ඇමැතිවරුන්ගේ මුළු කාලයම ගියේ තමන්ගේ අමාත්‍යාංශයේ හිටපු ඇමැතිවරයාට දඬුවම් කරන්නේ කියලා හොයන්න. කාවද රිමාන්ඩ් නොකළේ. ගාමිණී සෙනරත්ට නඩු දැම්මා. මොකක්ද තියෙන චෝදනාව. සමහර නඩුකාරයන් නඩු අහනවිට කියනවා මෙහෙම දේශපාලන පළිගැනීම්වලට නඩු දාන එක වැරැදියි කියලා.

ලලිත් වීරතුංග මහතාට නඩු දැම්මා. ඔහු කළ දේ වැරැද්දක් නැහැ. නමුත් අනාගතයේ නිලධාරීන්ට වැඩ නොකරන්න පාඩමක් උගන්වන්නයි ඔහුට නඩු දැම්මෙ. සිල් රෙදි අපි ගත්තද, ලලිත් වීරතුංග අරගෙන ගියාද. හැම එකම පන්සල්වලට බෙදුවා. පොළොන්නරුවේ ජනාධිපති අපේක්ෂකවරයාගේ පළාතේ පන්සල්වලටත් බෙදුවා.

පළිගැනීමේ සීමාවක් තිබෙන්න ඕන. අදටත් දේශපාලන පළිගැනීම් පමණයි සිදු කරන්නේ. නිලධාරීන්ව ප්‍රශ්න කරන්න ගත් විට. ‘ගෝඨාභය’ කළා කියලා කියන්න ඔබව ගෙදර යවනවා කියලා කියන්න යනුවෙන් ජ්ඛ්ධ්ච් ඉල්ලා සිටියේ. අනුර සේනානායක අවුරුද්දක් හිරේ හිටියා. ඔහුගෙන් කළ එකම ඉල්ලීම වුණෙත් මේක ආරක්ෂක ලේකම් කළා කියලා සර් ගෙදර යන්න කියලා.

ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටියෙත් එයමයි. ඒ පළිගැනීමට ලක්වූ පිරිස තමයි මේ ඉන්නේ. මේ වගේ සංවිධානයක් පිහිටුවපු එක හොඳ දෙයක්. මේ හඬ පැවතිය යුතුයි. මොකද සමහර අයට බලයට ආවට පස්සේ සමහර දේවල් අමතක වෙනවා. මේ හඬ අපි බලයට ආවට පසුවත් නඟන්න ඕන. යුක්තිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවක වැදගත්ම කර්තව්‍ය. ඒ යුක්තිය ඉටු කිරීම තමයි අපි සිදු කරන්නේ.

මව්බිම


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: mahinda rajapaksa
mahinda rajapaksa
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqjXcia8mIV4EwfBhzI5s6SDyz-6_tNUmK_WNyYsUcYiE3ybLvWcyvOhLuXblGwnoNmY8embEXkKJ7Gdzc6wTPc9TGcvzzLtT4VyTvDSx8kLAooQfNqfIWUm_mLcIwFxD44KgHbXa-Njyt/s320/Mahinda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqjXcia8mIV4EwfBhzI5s6SDyz-6_tNUmK_WNyYsUcYiE3ybLvWcyvOhLuXblGwnoNmY8embEXkKJ7Gdzc6wTPc9TGcvzzLtT4VyTvDSx8kLAooQfNqfIWUm_mLcIwFxD44KgHbXa-Njyt/s72-c/Mahinda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/mahinda-rajapaksa.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/mahinda-rajapaksa.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy