එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මේ හමුව...
මේ හමුව අද (12) හෝ හෙට (13) අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිත බවද පැවසේ.
එක්සත් ජාතික පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බවද වාර්තා වේ.
මෙම සකච්ඡාවට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වීමට නියමිතය.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ සැලසුම් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයි පැවසේ.
"සජිත්ට අප රට බාරයි"
මේ අතර, සජිත් පාර්ශවයේ ප්‍රකාශක අජිත් පෙරේරා සිය ෆෙස්බුක් පිටුවට “ සජිත් තමයි වෙන කවුරුවත් නෙවෙයි” යනුවෙන් ඉදිරි ජනපතිවරණයේ එජාප අපේක්ෂකයා සජිත් බවට ඉගියක් සපයා තිබේ.
සජිත්ට ගීයක්
යූටියුබ් වෙත සජිත්ගේ නිල තේමා ගීතය ලෙස ගීතයක්ද මේ අතර ඊයේ (11) මුදා හැර තිබේ.
මේ ගීතය ආචාර්ය මේනකා අරුමපුර ලියා ඇති අතර ඒ සඳහා සංගීතය සපයා ඇත්තේ ඩෙරන් මාර්ක් වැන්ඩෝට්ය.
ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම් මහිලාල් සෙනවිරත්න මහතා එහි වීඩියෝව සකසා ඇතැයි යූටියුබයේ දැක්වේ.
සජිත් - ඩඩ්ලි සාකච්ඡාවක්
මේ අතර, ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇති බව අරුණ පුවත්පත සිය සිරස්තලයෙන් වාර්තා කර තිබේ.
මීට පෙර මෙවැන්නක් ලංකා නිවුස් වීක් වෙබ් අඩවියද වාර්තා කර තිබිණි.
කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සංචාරක හෝටලයකදී මෙම සාකච්ඡාව පෙරේදා (10) දහවල් පවත්වා ඇතැයි ද පැවසේ.
වෙනත් කිසිදු පුද්ගලයකු මෙම සාකච්ඡාවට සහභාගි වී නොමැති බවද වාර්තා වේ.
ජනාධිපතිවරණය, එක්සත් ජාතික පක්ෂ අර්බුදය සහ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාගැනීම පිළිබඳව ඔවුන් මෙහිදී දීර්ඝව සාකච්චා කර ඇති බව පැවසේ.
-srilankamirror
COMMENTS