ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව සිකුරාදා දිනට පෙර ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනා...
ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව සිකුරාදා දිනට පෙර ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් අතර අද(14) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මේ අතර මතුව ඇති දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ජා කෙරෙන විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය පැවැත්විණි.
රැස්වීම අවසන් වීමෙන් පසු පිටතට පැමිණි අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ රජය ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡා වූ බවයි.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පසු මේ දක්වා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් කිසිදු නිල ප‍්‍රකාශයක් කර නොතිබිණි.
ජනාධිපතිවරයා විසින් අවසන් වරට ප‍්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ පෙබරවාරි 10 වැනිදා ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවේදීය.
COMMENTS