ද ඹුල්ල මහ නගර සභාවට වසර 10ක් පිරිම නිමෙත්තෙන් ඊයේ දින දඹුල්ල ගම් උදාව ක්‍රිඩාංගනයේදි පැවැති ක්‍රිකට් තරගය බලන්න ආ මහ නගර සභාවේ විපක්ෂ මන්...
දඹුල්ල මහ නගර සභාවට වසර 10ක් පිරිම නිමෙත්තෙන් ඊයේ දින දඹුල්ල ගම් උදාව ක්‍රිඩාංගනයේදි පැවැති ක්‍රිකට් තරගය බලන්න ආ මහ නගර සභාවේ විපක්ෂ මන්ත‍්‍රීවරයෙකුට පිරිසක් අසභ්‍ය ලෙසින් බැනවැදී පහර දුන් බවත්, මරණ තර්ජන කල බවත් පවසමින් දඹුල්ල පොලිසිට පැමිණිලි කර ඇත.
මෙම පැමිණිල්ල කර ඇත්තේ දඹුල්ල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මංත්‍රි ඒ එම් ප්‍රියංග අරුණ කුමාර මහතායි.
ඔහු පවසන අන්දමට මෙම පහර දිම හා බැන වදුන පුද්ගලයින් ප්‍රකාශ කර ඇත්තේ දඹුල්ල නගරයේ පොදු ස්ථාන හා ඇලවල් මත පෙට්ටි කඩ හදා ගැනිමට නගර සභාව ලබාදුන් අවසරය අත්හිටුවන ලෙස පලාත්පාලන ඇමැති වරයා නාගරික සංවර්ධන අමාත්‍යංශය ට ලිපියක් මගින් දන්වා ඇති අතර මෙම පොදු ස්ථාන වල හා ඇලවල් මත පෙට්ටිකඩ හදවාට විරුද්ධ බව තමා පෙන්නවා දුන්නා හැරෙන්න වෙනත් දෙයක් නොකල බවත්ය.
පැමිණිල්ලට අනුව දඹුල්ල පොලිසිය විමර්ෂණ ආරභ කර ඇත.

COMMENTS