දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වස පොල්තෙල් ගෙන ආ සමාගම් සමූහ මිනීමරුවෝ….! වහාම ඒ සමාගම් බ්ලැක් ලිස්ට් කරනු – GMOA
Homeප්‍රවෘත්ති

වස පොල්තෙල් ගෙන ආ සමාගම් සමූහ මිනීමරුවෝ….! වහාම ඒ සමාගම් බ්ලැක් ලිස්ට් කරනු – GMOA

PropellerAds

පි ළිකාකාරක අඩංගු පොල්තෙල් මෙරටට ගෙන්වූ සමාගම්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කර එම සමාගම අසාදු ලේඛනගත කිරීමට රජය වහා ම පියවර ගත යුතු බ...

මා තෘප්තිමත් වෙන්නේ ජනතාවගේ දහඩිය සුවදටයි.. මෙවර මැතිවරණයේ පිංවන්තයෝ කරග කරන්නේ ටෙලිපෝන් එකෙන් - සජිත්
අගමැති මහින්දගේ සේවකට ටීබීගේ ගෝලයන් පහර දෙති.. තමන්ගේ ඒරියා එකේ මොකෙක්වත් එපා කියලා.. කුරුණෑගල මනාප යුද්දය දරුණුයි
වැලිකඩ, පොලොන්නරු බන්ධනාගාර කන්දකාඩු ලොක්ඩවුන්
පිළිකාකාරක අඩංගු පොල්තෙල් මෙරටට ගෙන්වූ සමාගම්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කර එම සමාගම අසාදු ලේඛනගත කිරීමට රජය වහා ම පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

අදාළ විෂ සහිත පොල්තෙල් ගෙන්වීම තුළින් එම සමාගම සමූහ මිනීමැරුමකට අරඇඳ ඇති බවක් පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

ඉකුත් කාල සීමාවේ දී මෙරට පිළිකා රෝගීන්ගේ වැඩි වීමක් සහ බෝ නොවන රෝගයන්ගේ වැඩි වීමක් ද පෙන්නුම් කර ඇති නිසා අදාළ සමාගම් හරහා මෙරටට ගෙන්වූ ද්‍රව්‍යවලින් එයට බලපෑමක් සිදුව ඇත්දැයි දීර්ඝ ලෙස සොයා බැලීමට මෙරට සෞඛ්‍ය අංශ වෙතට රජය මේ මොහොතේ දැනුම් දීම් කළ යුතුව ඇතැයි ද කී වෛද්‍ය නවීන් ද සොයිසා තම සංගමය මේ පිළිබඳව මීට පෙර ද අනතුරු ඇඟවූ බව පැවසීය.

ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය හේතුවෙන් වකුගඩු ආශ්‍රිත ලෙඩ රෝග, අක්මා රෝග, විකෘති දරුවන් ලැබීම සහ උපදින දරුවන්ගේ ප‍්‍රතිශක්තිය වර්ධනය බාලවීම ඇතුළු පරම්පරා ගණනාවකට බලපාන අතුරු ආබාධ ඇති විය හැකි බව ද වෛද්‍යවරයා පැවසීය.

මෙවන් තත්ත්වයක් යටතේ මෙරට සෞඛ්‍ය විද්‍යාත්මක නියාමන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සෞඛය අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක විය යුතු බවත් ආහාර සඳහා වන පනත හා නීති පද්ධතිය ද ශක්තිමත් කරමින් රටට වස විෂ ගෙනඑන සමාගම් වෙනුවෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා වැඩිදුරටත් සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වස පොල්තෙල් ගෙන ආ සමාගම් සමූහ මිනීමරුවෝ….! වහාම ඒ සමාගම් බ්ලැක් ලිස්ට් කරනු – GMOA
වස පොල්තෙල් ගෙන ආ සමාගම් සමූහ මිනීමරුවෝ….! වහාම ඒ සමාගම් බ්ලැක් ලිස්ට් කරනු – GMOA
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiejfbhiUkVm2uAM_YVZ824d188fbjWLQzd3VeYI1q7llF3WT7Yzt9bemL3LUMqokuux5rSgM-9HyXIW4uxdIp8ljkAfgSve6AwJ0wr1ESMICE0H4ScA_JcnDo5hNLiBx0zDq9IUC1pREA/s320/naveen.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiejfbhiUkVm2uAM_YVZ824d188fbjWLQzd3VeYI1q7llF3WT7Yzt9bemL3LUMqokuux5rSgM-9HyXIW4uxdIp8ljkAfgSve6AwJ0wr1ESMICE0H4ScA_JcnDo5hNLiBx0zDq9IUC1pREA/s72-c/naveen.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/gmoa.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/gmoa.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy