ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් තවදුරටත් ජනාධිපතිවරයා සමඟ එක්ව ආණ්ඩුවේ කටයුතු කර ගෙන යෑමට ඒකමතික ත...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් තවදුරටත් ජනාධිපතිවරයා සමඟ එක්ව ආණ්ඩුවේ කටයුතු කර ගෙන යෑමට ඒකමතික තීන්දුවකට පැමිණ සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමති එස්.බී දිසානායක මහතා පැවසීය.
ඒ රට තුළ ඇතිවී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මේ අවස්ථාවේදී ශ්‍රීලනිපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් කිසිසේත් රජය අතහැර නොයන අතර ශක්තිමත් කණ්ඩායමක් ලෙස ආණ්ඩුවේ කටයුතු කරනවා. ආණ්ඩුව ඇතුලේ කළ යුතු ප්‍රබල වෙනස්කම් කිරිමේ අදහස තවදුරටත් තිබෙනවා. එම අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් කටයුතු කරනවා."
COMMENTS