ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව රාජ්‍ය බලය අවභාවිත කර මැතිවරණ නීති උල්ලංඝනය කර අමාත්‍යාංශ 17ක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු ...
පසුගිය සිකුරාදා (01) වනවිට එම සංවිධානයට ලැබී ඇති පැමිණිලි ගණන 109 ක් බවත්, එම අමාත්‍යාංශ 17ට අමතරව ජනාධිපතිවරණයට සම්බන්ධ අමාත්‍යාංශයකින්ද රාජ්‍ය බලය අයුතු ලෙස යොදවා ඇති බවට චෝදනාවක් එල්ලව ඇතැයි ද වාර්තා වේ.
එම පැමිණිලිවලදී අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිවද චෝදනා එල්ල වී ඇතැයි පැවසේ.
ඊට අමතරව ආණ්ඩුකාරවරුන් හතරදෙනකුට හා පළාත් පාලන ආයතන එකොළහකට එරෙහිවද පැමිණිලි ලැබී තිබේ.
පළාත් පාලන ආයතන එකොළහෙන් වැඩි ප්‍රමාණයක චෝදනා එල්ල වී ඇත්තේ ඒවායේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.
ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික පක්ෂය අමාත්‍යවරුන් ධුරය දරන අමාත්‍යාංශවල බඩු බෙදාහැරීම්, නව පත්වීම් දීමනා ලබාදීම් ආදිය පිළිබඳ චෝදනා එල්ල වී ඇත.
COMMENTS