රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් වුණේ 2015 අගෝස්තු මස පැවැති මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව බවත් වික්‍රමසිංහ මහතා අගමැතිවර...
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් වුණේ 2015 අගෝස්තු මස පැවැති මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව බවත් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් දිව්රුම් දී සතියකටත් අධික කාලයකට පසු ජාතික ආණ්ඩුව බිහි කරන ලද බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ රාජගිරියේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා ඊයේ (19) සහභාගී වෙමිනි.
අගමැතිවරයා ඉවත් කිරීම සහ කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය ගැන අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අගමැතිවරයා ඉවත් කිරීමට නම් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරිය ලෙස සැලකිය යුතු බවයි.
දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලතල නොමැති බවත් එසේ ඉවත් කිරීමට නම් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයක්, අය-වැය ලේඛනයක් පරාජය වීම හෝ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් පැමිණිය යුතු බවත් හෙතෙම පැවැසීය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් වූ පසුව රජය ජාතික ආණ්ඩුවක් දක්වා පුළුල් කිරීමට අවශ්‍ය නිසා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගනිමින් ඇමැතිවරු සංඛ්‍යාව වැඩි කර ගන්නට කටයුතු කළ බවත් මේ අනුව ජාතික ආණ්ඩුව අහෝසි වුවහොත් සිදු වන්නේ ඇමැති මණ්ඩලය අඩු වීම පමණක් බවත් වික්‍රමරත්න මහතා කීවේය.
නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඇමැතිවරයෙක් ඉවත් කිරීමට වුවද ජනාධිපතිවරයාට අගමැතිවරයාගේ උපදෙස් අවශ්‍ය බව කී ඒ මහතා, 19 සංශෝධනයෙන් පාර්ලිමේන්තුව ශක්තිමත් වී තිබෙන බවත් අගමැතිවරයා ඉවත් කිරීමට නම් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරිය ලෙස සැලකිය යුතු බවත් ප්‍රකාශ කළේය.
ව්‍යවස්ථානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව ජනපති-අගමැති එක්ව යා යුතුයි
ව්‍යවස්ථාවට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව පවතින අර්බුද නිරාකරණය කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කළ යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරියට ගමන් කිරීම බව එක්සත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංසදයේ මහාචාර්ය එච්.ඕ.ඒ. ද සොයිසා මහතා පැවසීය.
අර්බුදය විසඳා ගැනීමට ජනාධිපතිතුමා ක්‍රියා නොකළහොත් සිදුවන අවසාන ප්‍රතිඵලය වන්නේ ජනතාවගේ කනස්සල්ලට, නොසන්සුන්තාවට පත්වීම බව මහාචාර්ය සොයිසා මහතා අවධාරණය කළේය.
එක්සත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංසදය ඊයේ (19) කොළඹ නිපොන් හෝටලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය සොයිසා මහතා මේ බව පැවසීය.
COMMENTS