ක්‍රිකට් පුහුණුකරුගෙන් කැලේදී අතවර කරගත්තැයි කියා 13 හැවිරිදි සිසුවිය පාසලෙන් දොට්ට දාලා මාලබේ ශ්‍රී රාහුල බාලිකා විදුහලේ ක්‍රිකට් පුහ...
ක්‍රිකට් පුහුණුකරුගෙන් කැලේදී අතවර කරගත්තැයි කියා
13 හැවිරිදි සිසුවිය පාසලෙන් දොට්ට දාලා
මාලබේ ශ්‍රී රාහුල බාලිකා විදුහලේ ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කරන කීර්ති රාජපක්ෂ නමැති පුද්ගලයා පසුගියදා තමන් යටතේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුව ලබන 13 හැවිරිදි සිසුවියක රවටා කැලෑවකට රැගෙන ගොස් බියර් පොවා අතවරයක් සිදු කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් විය.
සිසුවියව ජන ශූන්‍ය කැලෑ පෙදෙසකට
සිය වාහනයේ නංවාගෙන යන අයුරු ගැන සිසුවිය එවූ එස්එම්එස් එකක් මගින් දැනගන්නට ලැබුණ මිතුරියක පිහිටවී පොලිසියට සැපයූ ඔත්තුවක් නිසා මේ ආකාරයට ඔහුව කොටු විය.
සිද්ධියෙන් පසු අදාළ පුහුණු කරුවා පොලිස් අත්අඩංගුවට පත්වූ නමුත් මාලබේ ශ්‍රී රාහුල බාලිකා විදුහලේ විදුහල්පතිනියට පක්ෂපාතී පුද්ගලයෙකු බව කියන මෙම පුහුණුකරු බේරාගන්නට සිසුවිය බිල්ල දීමේ අපූරු ආකාරයේ පිළිවෙතක විදුහල්පතිනිය සිටින බවට දැරියගේ දෙමාපියන් කරුණු දන්වා ඇත.මේ වනවිට තරදරයට ලක්වූ සිසුවියට පංති තහනමක්ද පනවා ඇත.
වාර්තාවන ආකාරයට සිද්ධිය සැකෙවින් මෙසේය.
මින් පෙර අවස්ථාවල දී ද දියණියන් පස් දෙනෙකු ගේ කණ්ඩායමක් මෙම පුහුණුව සඳහා කැඳවාගෙන ගොස් ගැටලු මතු නොවූ නිසාත් එය පුහුණුවේ අත්‍යවශ්‍ය කොටසක් වන නිසාත් නිවැසියන් එයට ඉඩදී තිබේ.
සිසුවිය සමග යද්දී ගමන් මාර්ගයේ වෙනසක් සිදුවීම නිසාත් අනෙක් අය වාහනයට ගැනීමක් සිදුවූයේ නැති නිසාත් එ් පිළිබඳව සිසුවිය පුහුණු කරුගෙන් විමසා ඇති අතර ඉතිරි අය නංවාගන්නේ කෑගල්ලෙන් බවද ඉන් පසුව තපෝවනේ යන බවද ඔහු පවසා ඇත. ඒ අනුව ඒ ගැන සැකයක් ඇතිවීම නිසා ගලිගමුව ප්‍රදේශයේ වෙසෙන මිතුරියක් වෙත සූක‍්ෂම අයුරින් කෙටි පණිවුඩයක් යොමුකරන්නට ඇය කටයුතු කර තිබේ.
කෑගල්ලට ආසන්නයේදී තිබහයි නේද අසා කඩයක නවතා කොකාකෝලා බෝතලයක් මිලට ගත් ඔහු ඇයට බොන්නට දී තිබේ.
එය බීමෙන් පසුව තමන්ට මත් ගතියක් දැනුණ බවත් ඉන් එහාට දේවල් අමතක වූ බවත් පවසා තිබේ.
(පුහුණුකරු එම බීම වර්ගයට මත් ද්‍රව්‍යක් මිශ්‍රකර බොන්නට දී ඇතිදැයි දැන් සැක මතුව තිබේ.)
මොවුන් දෙදෙනා පසුව කැලෑවක් ඇතුළට ගොස් තිබුණ අතර වාහනය ජනශූන්‍ය පෙදෙසක නවතා ඔහු ඇයට අතවර කරන්නට උත්සාහ ගෙන තිබේ. මේ අතරවාරයේ එස්එම්එස් ලැබුණ මිතුරිය දිගින් දිගටම ඇයව අමතද්දී උත්තර නොලැබීම නිසා කිසියම් බරපතල දෙයක් සිදුව ඇති බවට සැක ඇතිවී පොලීසිය දැනුවත් කර තිබුණ අතර වාහනය පිළිබඳ සෝදිසි කර ප්‍රදේශවාසීන්ගේ මං සලකුණු ආරංචිද ගළපාගෙන කෑගල්ල තපෝ වනයේ කැලෑව පීරා පොලිසිය දෙදෙනාව සොයාගෙන තිබේ. අත්අඩංගුවට පත්වන විට සිසුවිය අධික ලෙස මත්ව සිටි අතර පුහුණුකරු ද මත්ව සිට ඇත.
පසුව සිසුවියට සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේදී ඇයට ලිංගික අතවරයක් සිදුවී නැති බවද ඔප්පුවී තිබේ.
සිද්ධියෙන් පසු විදුහලේ පැතිරගිය ආරංචිය වී ඇත්තේ දැරිය හා පුහුණුකරු අතර කලත් තිස්සේ පැවති නොමනා ඇසුරක් නිසා මෙවැනි දුර බැහැර ගමනක් යොදාගෙන කැමැත්තෙන් දෙදෙනා එකතුවූ කතාවකි.
ඒ නිසා නැවත දැනුම් දෙනතුරු දියණිය පාසල් නොඑවන ලෙස මාලබේ ශ්‍රී රාහුල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දියණියගේ මවට පවසා ඇත. පාසලේ රියදුරු නොමැති අවස්ථාවලදී විදුහල්පතිනිය පාසලට රැගෙන එ්ම නිවසට රැගෙන යාම හා වෙනත් ගමන් සඳහා රියදුරු ලෙසද කටයුතු කරන මෙම පුහුණුකරු බේරාගැනීම සඳහා ඇය පොලිසියටද සාක්ෂි සපයා ඇතැයි දැරියගේ දෙමාපියන් මේ සිද්ධිය ගැන අදහස් දක්වමින් දන්වා ඇත.
COMMENTS