හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අමතක වීමේ ලෙඩක් ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ ඊයේ (07) පැවති ජනහමුවක දී...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අමතක වීමේ ලෙඩක් ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ ඊයේ (07) පැවති ජනහමුවක දීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“ යම් රැකියාවක් ආවා නම් අපි දුන්නේ ගමේ ජනතාව, ගමේ සමිතිය එක්ක කතා කරලා අපිට දෙන්න කියලා. අපිට ඒ නම් කරපුවා තමයි දුන්නේ. ඉස්සර වගේ සල්ලි අරගෙන දුන්නේ නැහැ. ඉස්සර වගේ ලිංගික අල්ලස් අරගෙන දුන්නේ නැහැ. මම දැක්කා රාජපක්ෂ මහත්තයාගේ කාළේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් කාන්තාවන් 100ක් දූෂණය කරා කියලා සාදයක් පැවැත්වුවා. එ විතරක් නෙවෙයි මම දැක්කා මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා එතුමා ආපහු ප්‍රාදේශීය සභා ගත්තොත් එහෙම එතුමා කොන්ත්‍රාත් කරන්න දෙන්න නැහැ කියලා. එතුමාට අමතක වීමේ ලෙඩක් තියෙනවා. පහුගිය අවුරුදු ගාණක් තිස්සේ ඔය දේශපාලන කරපු ගොඩක් අය කොන්ත්‍රාත් කළා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කළා.”
“පළාත් සභා මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කළා. බයිසිකලයක්වත් නැතුව හිටපු ලක්ෂපතියෝ කෝටිපතියෝ වුණා. මේකයි යථාර්ථය. අපිට පුළුවන් වුණා වෙනසක් පෙන්වන්න. අපි ඇති කරලා තියෙන හොඳ දේශපාලන සංස්කෘතිකයක්. ඒක තමයි අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි රටේම කිසිම සිද්ධියක් නැහැ. ඡන්දයක් තියෙනවද කියලා නෑ. කාටවත් හිරිහැරයක් නැහැ. ලෝකය හමුවේ අපේ ලංකාව කොටු වෙලා තිබුණේ. අපේ කර්මාන්ත වහගෙන ගියා. අපනයන නැති වේගෙන ගියා. දැන් කර්මාන්ත ශාලා ඇරගෙන ඇරගෙන යනවා. රට සංවර්ධනය කරන එකයි කුලියාපිටිය සංවර්ධන කරන, තරුණ තරුණියන්ට රැකියා දෙන එකයි කාටවත් නවත්වන්න බැහැ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS