ප්‍රසිද්ධ පාතල කල්ලි නායකයකු වන වෙලේ සුදාගේ ප්‍රධාන ගෝලයා බව පැවසෙන ප්‍රදීප් අප්පුහාමි නැමැත්තා රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනා හෙරොයින්...
ප්‍රසිද්ධ පාතල කල්ලි නායකයකු වන වෙලේ සුදාගේ ප්‍රධාන ගෝලයා බව පැවසෙන ප්‍රදීප් අප්පුහාමි නැමැත්තා රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනා හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 120 ක් ද, අවි ආයුධ, මුදල් හා පවුම් 20 ක ස්වර්ණාභරණ ඇතුළු භාණ්ඩ තොගයක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් පිළියන්දල දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පොලිසිය මෑත භාගයේ දී සොයා ගත් මත්ද්‍රව්‍ය විශාලතම ප්‍රමාණය මෙය වෙයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව කරන ලද දිර්ඝ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පිළියන්දල නිවෙසක සැඟවී සිටියදී යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිස් මුලස්ථානයේ අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
සැකකරු ළඟ තිබී සොයා ගැනුණු අවි ආයුධ අතර තුවක්කුවක් සහ එහි පතුරම් 12 ක් රිවෝල්වරයක් එහි උණ්ඩ තුනක් ද උණ්ඩ කොපු හතරක් ද මෙයට අමතරව පා පැදියක්, ජංගම දුරකතන තුනක් ද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගන්නා ලදැයි සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු පානදුර පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ නියෝගයෙන් රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරිමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
COMMENTS