හෙජින් ගණුදෙනුව, ග්‍රීක බැඳුම්කර, ක්‍රිෂ් ගනුදෙනුව හා ගල් අඟුරු වංචාව පිළිබඳව අවධානය යොමුකළ විට වත්මන් රජය යටතේ සිදුවී ඇති බැඳුම්කර වංචාව ...
හෙජින් ගණුදෙනුව, ග්‍රීක බැඳුම්කර, ක්‍රිෂ් ගනුදෙනුව හා ගල් අඟුරු වංචාව පිළිබඳව අවධානය යොමුකළ විට වත්මන් රජය යටතේ සිදුවී ඇති බැඳුම්කර වංචාව ලූණු බිකක් යැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
දිවුලපිටියේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබානොගත් බවට දිවුරුම් ප්‍රකාශයක් දීමට තමන් සූදානම් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“දිවුරුම් ප්‍රකාශයකින් දීම තමයි හොඳම දේ. තමුන් සල්ලි ගත්තේ නෑ කියනා දිවුරුම් ප්‍රකාශයකින් දෙන්න කියලා කියනවා. මමත් දිවුරුම් ප්‍රකාශයක් දෙන්න ලෑස්තියි. මට කතාකරපුවා මම රෙකෝඩ් කරලා තියෙනවා. අර්ජුන් ඇලෝෂියස් සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් හෝ මෙන්ඩිස් සමාගම අනුබද්ධ කිසිම සමාගමකින් මම මුදල් අරගෙන නෑ. මම දිවුරුම් ප්‍රකාශ දෙන්න ලෑස්තියි. නමුත් අර ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ ඉදලා හැමදෙනාම දිවුරුම් ප්‍රකාශ දෙනවානම් තමයි ප්‍රායෝගික.”
“බැඳුම්කර වංචාව වගේ හතර පස් ගුණයක වංචා වෙලා තියෙනවා. බැඳුම්කර වංචාව කියන එක ලූණු බිකක් ගල් අඟුරු වංචාව, ක්‍රිෂ් එක, ග්‍රීක් බොන්ඩ් එක, හෙජින් එක්ක බලපුවාම. ඒවා වල ලෝක හොරු තමයි දැන් ඇවිත් කෑගහන්නේ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
COMMENTS