එළඹෙන යල කන්නයේ සිට වී, බඩ ඉරිඟු, සෝයා, මිරිස්, ලොකු ලූණු සහ අර්තාපල් ගොවීන් සඳහා පොහොර ලබා ගැනීමට වැයවන සම්පූර්ණ මුදල කන්නය ආරම්භ වීමට පෙ...
එළඹෙන යල කන්නයේ සිට වී, බඩ ඉරිඟු, සෝයා, මිරිස්, ලොකු ලූණු සහ අර්තාපල් ගොවීන් සඳහා පොහොර ලබා ගැනීමට වැයවන සම්පූර්ණ මුදල කන්නය ආරම්භ වීමට පෙර එම ගොවීන්ට ලබාදීමට රජය තීරණය කර ඇත.
අදාළ වගාවන් සඳහා පොහොර වෙනුවෙන් වැයවන මුළු මුදල ගොවින්ගේ ගිණුම්වලට බැරකරන බවත් කෘෂිකර්මාන්ත ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.
ගොවි ජනතාවට මේ මොහොතේ පවතින ගැටලු සම්බන්ධයෙන් පෙරේදා (21) පැවැති කැබිනට් රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයා සමඟ විෂය භාර ඇමැති දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් සාකච්ඡා කර ඇති අතර එහිදි මේ පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් ද පත්කර ඇත.
මුදල් ඇමැති මංගල සමරවීර, කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක, විශේෂ කාර්යභාර ඇමැති සරත් අමුණුගම, ජාතික ආර්ථික සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයකුගෙන් සමන්විත මෙම කමිටුව ඊයේ (22) මුදල් අමාත්‍යාංශයේ දී රැස්වී ඇති අතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගත් බවත් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය. ගොවි ජනතාවගේ ගැටලුවලට ප්‍රමුඛතාව ලබාදීම සම්බන්ධයෙන් එම කමිටුව තීරණ ගණනාවක් ගත් බවත් දිසානායක මහතා සඳහන් කළේය.
මෙම බෝග සඳහා 2018 අය-වැයෙන් යෝජනා කළ අක්කරයකට රුපියල් 40000 ක වගා රක්ෂණාවරණය සඳහා දැරීමට සිදුවන රුපියල් දහසක මුදල ද රජය විසින් දැරීමට තීරණය කළ බවත් දිසානායක මහතා විසින් අනාවරණය කළේය. ඒ අනුව එම රක්ෂණාවරණය මෙම කන්නයේ සිට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමමට නියමිත වේ.
එමෙන්ම ගොවි ජනතාවට හිඟයකින් තොරව පොහොර ලබාදීම සඳහා ද තීන්දු ගණනාවක් ගෙන ඇත. පොහොර ආනයනය පෞද්ගලික අංශයට ද මෙතෙක් සීමාවකින් තොරව විවෘතව තිබූ අතර ඒ සඳහා සීමාවන් පැනවීමටත් තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේ දී ගොවි ජනතාවට අවශ්‍ය පොහොරවලින් සියයට අසූවක ප්‍රමාණයක් ආනයනය රාජ්‍ය අංශය විසින් සිදුකිරීමටත් සියයට විස්සක අයිතිය පෞද්ගලික අංශයට ලබාදීමටත් මෙම කමිටුව තීරණය කර තිබේ. මීට අමතරව හිඟයකින් තොරව පොහොර අතිරික්තයක් පවත්වාගෙන යාමටත් තීරණය කළ බව දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS