එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ. ආ...
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.
ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
එජාපයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමේ යෝජනාවකට අස්සන් ලබාගැනීමට ද මෙහිදී සිදුවීමට නියමිත බවයි.
අද (18) පෙරවරුවේ ‘සිරිකොත’ පක්ෂ මූලස්ථානයේ දී ද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පැවැති අතර පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කඩිනමින් සිදුවන්නේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කර තිබේ.
COMMENTS