මුළු අහසට ය නුඹ අහිමිව ගියේ සඳ කෙළෙසන්න විත්- සැදි පැහැදියේ රාහු ලා හිටියෙ - ආලඩි හන්දියේ... ඉන් පසුය ඝනඳුර බෝ වුණේ තෙත් හදින් හද ට ...
මුළු අහසට ය නුඹ අහිමිව ගියේ
සඳ කෙළෙසන්න විත්- සැදි පැහැදියේ
රාහු ලා හිටියෙ - ආලඩි හන්දියේ...
ඉන් පසුය ඝනඳුර බෝ වුණේ
තෙත් හදින් හද ට ද යා වුණේ
කෙළෙසා මැරූ - මුදු සඳවතක් ගැන
මතක කඳුළු යි - පිණි වුණේ...
කඳුලින් උපන් මේ - පින්න රස්නෙයි නංගියේ...
සඳ මුහුණ ලූ මුල් කවරයෙන්
තලු මරාලු පුවත් පත්තරෙන්
දැන් ඉතිං - ගැළවෙන්න පුළුවන්
වෙයිද විද්‍යා නංගියේ...
කඳුළු තාමත් ගලනවා මුත් - නඩුව ඉවරයි නංගියේ...
- සුරේඛා සමරසේන
COMMENTS