දිවයිනේ එක් කෝටි පනස් හත් ලක්ෂයක් ඉක්මවන සියලුම ලියාපදිංචි ඡන්දහිමියන් වෙත ඡන්ද හිමියාගේ නම, පිළිවෙළ අංකය, ජාතික හැඳුනම්පත් අංකය හා අදාළ ඡ...
දිවයිනේ එක් කෝටි පනස් හත් ලක්ෂයක් ඉක්මවන සියලුම ලියාපදිංචි ඡන්දහිමියන් වෙත ඡන්ද හිමියාගේ නම, පිළිවෙළ අංකය, ජාතික හැඳුනම්පත් අංකය හා අදාළ ඡන්ද මධ්‍යස්ථානය සඳහන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලෙන් යවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
බෙදාහැරීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ ඡන්ද හිමියන්ට ස්වකීය අනන්‍යතාවය සනාථ කිරීමෙන් පසු තැපැල් කාර්යාලවලින් ලබා ගත හැකි බව ද සභාපතිවරයා සඳහන් කළේය.
එසේම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ සඳහන් නම, ජාතික හැඳුනුම්පත් අංකය, ස්ත්‍රී පුරුෂභාවය යනාදියෙහි මුද්‍රණ දෝෂයක් ඇත්නම් ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් සමඟ නොපමාව අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දැන්වීමට කටයුතු කරන ලෙස අදාළ ඡන්ද හිමියන්ගෙන් සභාපතිවරයා ඉල්ලා සිටි.
මෙවැනි මුද්‍රණ දෝෂයක් කල්වේලා ඇතිව නිවැරදි කිරීමක් කර ගත නොහැකි වූ විටදී වුවද ඡන්ද මධ්‍යස්ථානයේ දී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා විසින් කරුණු විමසා අවශ්‍ය වෙතොත් ප්‍රකාශයක් සටහන් කරවාගෙන ඡන්දය භාවිතා කිරීමේ අයිතිය ලබා ගත හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
COMMENTS