රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ අධ්‍යයන පීඨ දෙකක් ලබන සඳුදා යළි විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ. රජරට ප්‍රදේශයට බලපා ඇත...
රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ අධ්‍යයන පීඨ දෙකක් ලබන සඳුදා යළි විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
රජරට ප්‍රදේශයට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් පසුගිය 29 වනදා සිට පීඨ 03ක් වසා දැමුණි.
ඒ අනුව ව්‍යවහාරික විද්‍යාපීඨය සහ කළමනාකරණ අධ්‍යයන පිඨය සඳුදා විවෘත කිරීමට නියමිතය.
රජරට විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරිවරයා ප්‍රකාශ කළේ සමාජ විද්‍යා හා මානව ශාත්‍ර පීඨය විවෘත කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි.
විවෘත කිරීමට නියමිත පීඨ දෙකෙහි සිසුන්ගේ නේවාසිකාගාරවලට සහ විශ්වවිද්‍යාල පරිශ්‍රයට ජලය සැපයීමට ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩල නිළධාරීන් එකඟවීමෙන් පසු එම තීරණය ගෙන ඇත.
ඒ අනුව අදාල පීඨ දෙකේ සිසු සිසුවියන් ඉරිදා සවස 06ට පෙර තම නේවාසිකාගාර වෙත පැමිණෙන ලෙස ලේඛකාධිකාරි ඒ.එම්.ජී.පී අබේසිංහ මහතා ඉල්ලීමක් කරයි.
COMMENTS