සක්‍රීය බැරකම් කළමණාකරණය කිරීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ බලතලවලට හා රාජ්‍ය ණය කළමණාකරණය සම්බන්ධයෙන් මහ ...
සක්‍රීය බැරකම් කළමණාකරණය කිරීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ බලතලවලට හා රාජ්‍ය ණය කළමණාකරණය සම්බන්ධයෙන් මහ බැංකුවට ඇති බලතලවලට බරපතළ අභියෝගයක් එල්ල වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.
එම නිවේදනය වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
“යහපාලන ආණ්ඩුව ඔවුන්ගේ ණය ගැනීමේ වියරුව තවත් ඉහළ අඩියකට ගෙනයාම සඳහා මෙකී ‘සක්‍රීය බැරකම් කළමණාකරනය කිරීමේ’ පනත් කෙටුම්පත ඉදිරිපත් කොට තිබෙන්නේ මේ සියලුම විකාර ස්වරූපී සිදුවීම් මධ්‍යයේය.
මේ යෝජිත නීතියෙන්, පාර්ලිමේන්තුවේ මුදල් පිළිබද බලතලවලටත්, රාජ්‍ය ණය කළමණාකරනය සම්බන්ධයෙන් මහ බැංකුවට ඇති බලතලවලටත්, බරපතල අභියෝග එල්ල වෙන බවත්, මේ නීතිය යටතේ ණයට ගන්නා මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන් විධායකයට කිසිදු නීතිමය සීමාවකින් තොරව බලය ලැබෙන බවටත් කරුණු දක්වමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇත.
මේ නීතිය යටතේ ණයට ගන්නා මුදල් භාවිතා කරන ආකාරය ගැන විෂය භාර ඇමතිවරයා ගන්නා තීරණ, මාස තුනක් ඇතුලත නීති ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම ප්‍රතික්ෂේමප කළත්, අදාල තීන්දුව ගැනීමත්, පාර්ලිමේන්තුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමත් යන කාලය අතර සිදුකෙරෙන සියලු ක්‍රියාවන් නීත්‍යානූකූල වෙන බවට මේ යෝජිත පනතේ වගන්තියක් ඇත.
එපමණක්ද නොව, යෝජිත නිතිය යටතේ ගන්නා ණය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්, (සද්භාවය ඔප්පු කිරීමේ කොන්දේසියට යටත්ව ) සිවිල් හා අපරාධ වගකීම් වලින් සම්පූර්ණයෙන්ම මුක්ත කර තිබේ.
මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී දැනටමත් සිදු වී ඇති අක්‍රමිකතා නිසා, ඉහත දැක් වූ ආකාරයේ විධිවිධාන වලින් ඇතිවිය හැකි භයානක ආනිසංස ගැන අමුතුවෙන් කිව යුතු නැත. එමනිසා ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් මේ යෝජිත ‘සක්‍රීය බැරකම් කළමණාකරනය කිරීමේ’නීතියට එකහෙළාම එරෙහි විය යුතුය.“
COMMENTS