අවශ්‍යතාවක් මතුවුවහොත් අධිකරණ හා විදේශ රැකියා යන අමාත්‍යාංශ දෙකෙන්ම තමන් ඉවත්වීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තමා දැනුම් දුන...
අවශ්‍යතාවක් මතුවුවහොත් අධිකරණ හා විදේශ රැකියා යන අමාත්‍යාංශ දෙකෙන්ම තමන් ඉවත්වීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තමා දැනුම් දුන් බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබාදීමේ අවස්ථාවට ඊයේ (21) එම කාර්යාංශයේදී එක් වෙමින් අමාත්‍යවරිය මෙසේ පවසා සිටියාය.
“මෙම පත්වීම් ලබාදෙන්නේ ඇමතිකම මාරු වෙන නිසා කියලා එහෙම හිතන්න එපා. එහෙම දෙයක් නෙවෙයි. මෙතන ඩිලාන් පෙරේරා ඇමතිතුමාගෙන් පත්වීම් ගත්ත පිරිසකුක් ඉන්නවා. මම මේ විදිහට සේවය ස්ථිර කරන්නේ මගේ තියෙන මනුස්සකම නිසයි. රජයේ සේවකයින්ට රජයේ ආයතන තුළ දේශපාලනය කරන්න බෑ. මෙතන බැනර් එල්ලන්න හදනකොට මම ඒ දේවල් ගෙදර ඉදන් වීඩියෝ වලින් දැක්කා. කිරිබත් උයන්න සල්ලි එකතු කළා ඒවත් දැක්කා.
මම මගේ හැකියාව මේ අමාත්‍යාංශය තුළ පමණක් නෙවෙයි මාස 6ක් ඇතුළත අධිකරණ අමාත්‍යාංශය තුළත් පෙන්වා තියෙනවා. මම අගමැතිවරයාට දැනුම්දී තියෙනවා අවශ්‍ය නම් මේ අමාත්‍යාංශ දෙකෙන්ම ඉවත් වෙන්නත් ලබා දෙන ඕනෑම දෙයක් භාරගන්නත් සූදානම් කියලා. මම ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.
අපි කාටවත් ණය නෑ. අපේ වාහනවලට ආණ්ඩුවෙන් තෙල් ගහනවා නම් අපි ඒ වෙනුවෙන් උපරිමයෙන් වැඩ කරනවා. අපි වැඩ කරන්නේ හොරකම් කරන්නවත්, වංචා දූෂණ දේවල් කරන්න නෙවෙයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපාලනය ඇති කරන්න. යැයිද අමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියාය.
COMMENTS