හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු පර්පෙචුවල් සමාගමට ලබා දී ඇති බවට මහ බැංකු බැඳුම්කර කොමිසම පැහැදිලිව සඳ...
හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු පර්පෙචුවල් සමාගමට ලබා දී ඇති බවට මහ බැංකු බැඳුම්කර කොමිසම පැහැදිලිව සඳහන් කර තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා මහේන්ද්‍රන් මහතාව ආරක්ෂා කරන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ ඊයේ (06) කොමිෂන් සභා විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍රන් මහතා පර්පෙචුවෙල් සමාගමට අභ්‍යන්තර තොරතුරු ලබා දී තිබෙන බව කොමිෂන් වාර්තාවේ පැහැදිලිව කියා තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මහේන්ද්‍රන් මහතා ආරක්ෂා කලත් කොමිසමෙන් ඒ සියලු කටයුතු අනාවරණය කර තිබෙනවා. මෙම වංචාව සොයා බලන්න, පැහැදිලි කිරීමට අගමැතිවරයා පිටිපන කමිටුව නම් කර තිබුණා. නමුත් කොමිසම පැහැදිලිව සඳහන් කර තිබෙනවා මෙම කමිටුවට ඒ ගැන පරීක්ෂා කර බලන්න කිසිදු පරිචයක් නොමැති බව. දුෂණ , වංචාවලට එරෙහිව ක්‍රියා කරන බවට ජනවාරි 08 වැනිදා පොරොන්දු වූ අගමැතිවරයා ඒ පොරොන්දුව කඩ කර තිබෙනවා. අපරාධකරුවන්ට, වංචා දුෂකයන්ට දඬුවම් දෙන්නේ නැති නම් අවනඩුව අවසානයේ තිබෙන්නේ මහජනයා ඉදිරියේ. මහජනයා මේ සම්බන්ධයෙන් පියවරක් ගත්තේ නැත්නම් ඒ මහජනයා ගැනත් පියවරක් ගත යුතුයි කියලා අපි හිතනවා.”
COMMENTS