රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ආනමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ඊයේ (15)...
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ආනමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ඊයේ (15) පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා වෙත භාරදී ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පැවසී ය.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ද තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් වී ඇතැයි වාර්තා වේ.
මේ අතර නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවට තමන් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම් දුන් බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන භාර අමාත්‍ය සාගල රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඒ මහතා මෙසේද සඳහන් කර තිබේ.
“නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට මගේ බලාපොරොත්තුවක් නැති බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඕනෑම තනතුරක් පරිත්‍යාග කිරීමට මා පසුබට නොවන අතර පක්ෂයේ යහපත වෙනුවෙන් මට කළ හැකි උපරිමය කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍යතුමාට අද උදෑසන දැනුම් දුන්නා. මෙය මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මා විසින් ගනු ලබන පුද්ගලික තීරණයක් වන අතර පක්ෂයට මගේ ඇති පක්ෂපාතිත්වය එලෙසම ශක්තිමත්ව පවතින බවත්, පක්ෂ නායකත්වය විසින් ලබා දෙන ජනතාවට සේවය කළ හැකි වෙනත් ඕනෑම වගකීමක් නොපිරිහෙලා ඉටු කිරීමට සුදානම් බවත් මා වැඩිදුරටත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නා. “
COMMENTS