හම්බන්තොට ප්‍රාදේශීය සභාවට අයත් මයුරපුර සති පොළ මේ වනවිට පැවැත්වෙන දින දෙකෙන් එක් දිනයක් වෙනස් කිරීමට පසුගිය දිනක හම්බන්තොට දිස්ත්‍රික් සං...
හම්බන්තොට ප්‍රාදේශීය සභාවට අයත් මයුරපුර සති පොළ මේ වනවිට පැවැත්වෙන දින දෙකෙන් එක් දිනයක් වෙනස් කිරීමට පසුගිය දිනක හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ගත් තීරණයකට විරෝධය පළකරමින් මයුරපුර ගොවින් හා වෙළෙන්දන් 1000කට අධික ප්‍රමාණයක් අද (18) සවස හම්බන්තොට මයුරපුර පොළ ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක නියැලිනි.
ඔවුන් පැයකට ආසන්න කාලයක් විරෝධතාවය පැවැත්වූ අතර පැය භාගයක් පමණ සුරියවැව - හම්බන්තොට ප්‍රධාන මාර්ගය හරස්කර විරෝධතාවය පැවැත්වීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය.
හම්බන්තොට මයුරපුර පොළ 2010 වර්ෂයේ සිට ආරම්භ කර මේ වනතෙක් පවත්වාගෙන පැමිණ ඇත්තේ සෙනසුරාදා සහ අගහරුවාදා යන දින දෙකෙහිය.
නමුත් එම දින දෙකෙන් සෙනසුරාදා දින වෙනස් කොට එය සිකුරාදා දිනට යෙදීමට බලධාරීන් කටයුතු කිරීම නිසා ප්‍රදේශයේ ගොවින් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙන බව ප්‍රදේශයේ ගොවි සංවිධාන පෙන්වා දෙයි.
එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ තුළ සිල්ලර වෙලදාම් සිදු කරන සතිපොළවල් ඉරිදා දිනයන්හි පැවැත්වෙන බැවින් ඒ සදහා භාණ්ඩ සැපයීම සිකුරාදා දින සිදුකිරීම තුලින් ජනතාවට නැවුම් එළවලු නොලැබීයන බව ගොවි සංවිධාන පෙන්වා දෙයි.
විරෝධතාවයට එක්වූ එ්කක 07 ගොවි කමිටුවේ සභාපති ඒ .කේ .පි සරච්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ, ''මේ පොලට වෙළෙන්දන් හට එන්න පහසුම දිනය තමයි සෙනසුරාදා, අගහරුවාදා. දැන් ඒ දිනය වෙනස් කරන්න යන්නේ. අපි ඒ නිසා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පොළ කලින් පවත්වාගෙන ගියේ ගොවි සංවිධාන 84 ක් යටතේ. මේක ගොවි ජනතාවගේ පොළ. පසුව තමයි ප්‍රාදේශීය සභාවට පැවරුවේ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ පොළ ප්‍රාදේශීය සබාවෙන් නිදහස් කරලා ගොවි සංවිධාන වෙත ලබාදෙන ලෙසයි '' ලෙසයි.
ඡායාරූප පහතින්.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS