ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ වෙනු වෙන් මෙවර තරග වැදි සනත් හෙට්ටිආරච්චි නැමැති අපේකෂකයා ඇතුළු කණ්ඩායමක් විසින් පසුගියදා (19) රාත්‍රියේ දී දා ක...
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ වෙනු වෙන් මෙවර තරග වැදි සනත් හෙට්ටිආරච්චි නැමැති අපේකෂකයා ඇතුළු කණ්ඩායමක් විසින් පසුගියදා (19) රාත්‍රියේ දී දා කිරින්ද පුහුල්වැල්ල දි දිවා රාත්‍රි වොලිබෝල් ක්‍රිඩාපිටිය විවෘත කිරීම සිදු කරන ලදි.
පසුව පෙරේදා දිනයේ දී කඹුරුපිටිය එක්සත් ජාතික පක්ෂයේ සංවිධාකයක චන්දන ප්‍රියන්ත මහතා විසින් නැවත මේ පිටිය විවෘත කරන ලද අතර මේ හේතුවෙන් පෙරේදා රාත්‍රි කාලය පුරාම පොලිස් ආරක්ෂාව ඇතිව මේ පුවරු ආරක්ෂා කිරීම සිදු කරනු ලැබු බව වාර්තා වේ.
2015 වසරේ දී මේ පිටිය ආරම්භ කිරීම එවක රජය විසින් සිදු කරනු ලැබු අතර පසුව එය අතරමග ඇණ හිටිම සිදු වූ බවත් පසුව ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් මේ පිට්ටනිය නැවත සංවර්ධන කිරීම සිදු කරන ලද බවත් සඳහන් වේ.
රුපියල් ලක්ෂ 30 පමණ ප්‍රමාණයක් මේ සඳහා වැය වී ඇති අතර මේ යටතේ තවත් පිට්ටනි තුනක් මාතර දිස්ත්‍රික්කය තුළ සංවර්ධන කිරීම සිදු කිරීම නියමිතය.
නමුත් විවෘත කිරීමේ කටයුත්ත වෙනුවෙන් ද පොලිස් ආරක්ෂාව යොදා තිබෙනු දක්නට ලැබුණි. මේ යටතේ මේ පිට්ටනිය අවස්ථා දෙකක දී විවෘත වීම සිදු විය.
(කැලුම් බෝධීමාන - මාතර)
COMMENTS