"ලක්බිම ඉරිදා සංග්‍රහය" හා "දිනපතා ලක්බිම" පුවත්පත්වල නව ප්‍රධාන කර්තෘවරයා ලෙස ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු වන සම්පත් ...
"ලක්බිම ඉරිදා සංග්‍රහය" හා "දිනපතා ලක්බිම" පුවත්පත්වල නව ප්‍රධාන කර්තෘවරයා ලෙස ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු වන සම්පත් දේශප්‍රිය මහතා පත්ව ඇත.
සුනන්ද දේශප්‍රියගේ කර්තෘත්වයෙන් ඇරඹි "යුක්තිය" පුවත්පතෙන් පත්‍ර කලාවට පිවිසි ඔහු 1994 දී සුමති පුවත්පත් සමාගම ආරම්භ කළ "ලක්බිම ඉරිදා සංග්‍රහය " පුවත්පතේ ආරම්භක කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙස ඊට එක්විය.
අනතුරුව වර්ෂ 2000 දී දිනපතා ලක්බිම පුවත්පත ආරම්භ කළ අවස්ථාවේ එහි සහකාර ප්‍රවෘත්ති කර්තෘවරයෙකු ලෙස පත්වීම් ලැබීය.පසුව ප්‍රවෘත්ති කර්තෘ, සහකාර කර්තෘ,නියෝජ්‍ය කර්තෘ ආදි තනතුරු හෙබවූ ඒ මහතා ඉකුත් කාල සීමාවේදී දිනපතා ලක්බිම පුවත්පතේ වැඩ බලන කර්තෘවරයා ලෙස ද සේවය කළේය.
මේ වන විට ලක්බිම පුවත්පතේ ඔහුගේ සේවා කාලය වසර 24කි.
ඔහු පානදුර ශ්‍රී සුමංගල විදුහලේ ආදි ශිෂ්‍යයෙකුද වේ.
COMMENTS