ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වා ගෙන ගියහොත් 25 කට ආසන්න මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර...
ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වා ගෙන ගියහොත් 25 කට ආසන්න මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද(22) පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
“2015 සැප්තැම්බර් 03 දා අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවෙන් කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් දිනා ගෙන සිටින එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(4) වගන්තිය අනුව කැබිනට් ඇමති ධූර ගණන 48 ක් ද කැබිනට් නොවන ඇමති ධූර ගණන 45 ක් ද ලෙසින් වැඩි කිරීමට පාර්ලිමේන්තුව තීරණය කරයි.
අගමැතිතුමන් ඉංග්‍රීසි බසින් ඉදිරිපත් කල යෝජනාවේ සිංහල අදහස ඒකයි.
අගමැතිතුමන් මෙහිදී කවුරුන් සමග ද ජාතික ආණ්ඩුවක් බිහි කලේ කියන එක ප්‍රකාශකර නැහැ. තමන් ජාතික ආණ්ඩුවක් හැදුවේ කා සමගින්ද නොකියා එමෙන්ම ලිඛිත ගිවිසුමක් ද ඉදිරිපත් නොකර මේ ආණ්ඩුව දිගටම කරගෙන යන්න ඉඩ දීමට ඊයේ දින කතානායක වරයා තීරණය කලා. එය සමස්ථ පාර්ලිමේන්තුවේ අනාගතයටම කරපු නරක පුර්වාදර්ශයක්. මොකද අගමැතිවරයෙකුට පාර්ලිමේන්තුවේ සරල බහුතරය තියෙනවා. සරල බහුතරය නැතිනම් ඔහුට අගමැති තනතුර දරන්න හම්බෙන්නේ නෑ. එහෙමනම් මේ යෝජනාව සම්මත කරන්න අවශයි කියන්නේ සරල බහුතරයයි. මේ අනුව අනාගතයේ ඕනෑම අගමැතිවරයෙකුට කියන්න පුළුවන් මම ජාතික ආණ්ඩුවක් සාදා ඇත. මට ඇමැතිමණ්ඩලය සීයක් කල යුතුයි කියලා. එවිට 113 අත එසවෙනවා. මොකද ඒ ගොල්ලන්ට ඇමැතිධුර හිමි වෙන නිසා. එවිට ආණ්ඩුක්ර ම ව්යරවස්ථාවේ කැබිනට් ඇමතිවරු 30 දක්වාත් කැබිනට් නොවන ඇමතිවරු 40 දක්වාත් සීමා කළ යුතුය යන වගන්තිය පුස්සක් බවට පත්වෙනවා.“ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.
COMMENTS