දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුවට 250කට වැඩියි : මෛත්‍රී සභාපතිකමෙන් ඉවත් කරන්න යෝජනා.
Homeගොසිප්

පොහොට්ටුවට 250කට වැඩියි : මෛත්‍රී සභාපතිකමෙන් ඉවත් කරන්න යෝජනා.

PropellerAds

පලාත් පාලන මැතිවරණයේ කොට්ඨාස අනුව නිකුත් කල සහතික කල ප්‍රතිඵල අනුව මේ වනවිට පලාත් පාලන ආයතන 250 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමු...

පළාත් සභා බලු පොරය ඇසී අන්ධයෙකු ඇසූ දේ (බ්‍රහස් කාටූන්)
කරුණා අම්මාන්ගේ දියණියක් වලකට වැටී මියයයි.. අවසන් කටයුතු පන්සලේ සිදු කරයි..
‘උඹ සොල්දාදුවෙක්..වගකීම ඉටුකිරීම තමයි සොල්දාදුවෙකුගේ අභිමානය..ඛෙත්තාරාමෙ ජාතික කොඩිය පහළට ගේන්න කලින් උත්තමාචාර කරපං’ – හමුදා සෙබලෙක් අසේල ගැන තැබූ සටහන

පලාත් පාලන මැතිවරණයේ කොට්ඨාස අනුව නිකුත් කල සහතික කල ප්‍රතිඵල අනුව මේ වනවිට පලාත් පාලන ආයතන 250 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇත.

ඒ මොණරාගල, අනුරාධපුර, රත්නපුර දිස්ත්‍රික්යේ සියලු සභාවන් මෙන්ම හම්බන්තොට, මාතර, ගාල්ල, මාතලේ, මහනුවර, පුත්තලම, කෑගල්ල යන දිස්ත්‍රික්වල එක් සභාවක් හැරුණු විට අනිකුත් සියලුම සභාවන් ද කුරුණෑගල දිස්ත්‍රික්යේ කුරුණෑගල මහ නගර සභාව හා කුලියාපිටිය නගර සභාව හැර සම්පූර්ණ දිස්ත්‍රික්ය ද බදුල්ල, අම්පාර, ත්‍රිකුණාමල, නුවරඑළිය දිස්ත්‍රික්වල සියලුම සිංහල බහුතරය සිටින සභාවන් ඇතුළුවය.

එමෙන්ම කොළඹ, දෙහිවල ගල්කිස්ස, මහනුවර, කුරුණෑගල, බදුල්ල, නුවරඑළිය මහ නගර සභා ඇතුළු පලාත් ආයතනයන් 25 ක් පමණ එක්සත් ජාතික පක්ෂය විසින් දිනා ගෙන ඇත.

පොලොන්නරුව දිස්ත්‍රික්යේ පලාත් පාලන 4 ක් පමණක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දිනාගෙන තිබේ.

අනිකුත් සුලු ජාතික පක්ෂ විසින් පළාත් පාලන ආයතන 61 ක් පමණ දිනා ගෙන ඇත.

‘මව්බිමට අලුත් උදෑසනක්’ - මහින්දගෙන් ෆේස්බුක් සටහනක්

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වාර්තා කරමින් ඇති අති දැවැන්ත ජයග්‍රහණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර ඇත.

‘මව්බිමට අලුත් උදෑසනක්’ යන හිසින් පල කර ඇති ඒ සදහා අති මහත් ප්‍රතිචාර ලැබෙමින් පවතී.

මෛත්‍රී ශ්‍රීලනිප සභාපතිකමෙන් ඉවත්විය යුතු බවට යෝජනාවක් 

පළාත් පාලන මැතිවරණයෙන් ලද ජනවරමට අවනත වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් හා සභාපති ධුරයෙන් ඉවත්විය යුතු බවට බලපෑම් කිරීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ඔවුන් අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබේ.

මෙම පරාජය හමුවේ ශ්‍රීලනිප ඇමතිවරු මහින්ද රාජපක්ෂ මහතාට එක්වීම නොවැලැක්විය හැකිබව ජනාධිපතිවරයාගේ උපදේශකයකු පැවසිය.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩුව ලද පරාජය හමුවේ අමාත්‍ය චම්පික රණවක මහතා සහ ශ්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකුම අද ජනාධිපතිවරයා හමුවී සිය ඇමති ධුර වලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදීමට නියමිතව ඇතැයි ද පැවසේ.

ජනවරමට ගරුකරමින් මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුව බාරදී විපක්ෂයට යායුතු බව අමාත්‍ය චම්පික රණවක මහතා විසින් යෝජනා කර ඇතැයි ඔහුගේ සම්බන්ධිකරණ නිලධාරියකු පැවසිය.

ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින බව ද ඔහු කියා සිටියේය.


පලාත් පාලන මැතිවරණයේ කොට්ඨාස අනුව නිකුත් කල සහතික කල ප්‍රතිඵල අනුව මේ වනවිට පලාත් පාලන ආයතන 250 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුවට 250කට වැඩියි : මෛත්‍රී සභාපතිකමෙන් ඉවත් කරන්න යෝජනා.
පොහොට්ටුවට 250කට වැඩියි : මෛත්‍රී සභාපතිකමෙන් ඉවත් කරන්න යෝජනා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuI6wD6TrgG8kD3dxgaf-xnDxqAus-R16X0GYv3lqQPCWznO4vsa9uNLgX-wByaYUyzRYyusCzTutZo9wcv4XAzSGlfKN2g_usE-dSWxZSJXBV56ct8ErEXIjuwZVeCyGLqKhraz9hyiph/s1600/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuI6wD6TrgG8kD3dxgaf-xnDxqAus-R16X0GYv3lqQPCWznO4vsa9uNLgX-wByaYUyzRYyusCzTutZo9wcv4XAzSGlfKN2g_usE-dSWxZSJXBV56ct8ErEXIjuwZVeCyGLqKhraz9hyiph/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/250.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/250.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy