නිරෝෂන් දික්‌වැල්ල සහ අසේල ගුණරත්නගේ ධෛර්යවන්ත ඉනිම් හමුවේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ ක්‍රීඩකයෝ තබා තිබූ ජයග්‍රාහී සිහ...
නිරෝෂන් දික්‌වැල්ල සහ අසේල ගුණරත්නගේ ධෛර්යවන්ත ඉනිම් හමුවේ කොළඹ ආර්.
ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ ක්‍රීඩකයෝ තබා තිබූ ජයග්‍රාහී සිහිනය
බොඳ වෙද්දී ශ්‍රී ලංකාව ටෙස්‌ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු
සංඛ්‍යාවක් හඹා ගොස් පෙරේදා (18) ජයග්‍රහණය ලබා ගත්තා.
ශ්‍රී ලංකාවේ පිතිකරු බලඇණියේ ප්‍රධානතම මුක්‌කු පහක් ගැලවී ගොස් තිබියදී ජයග්‍රහණය සඳහා ලකුණු 185 ක් තරගයේ පස්‌වැනි දිනයේ ලබාගැනීම දුෂ්කර ක්‍රියාවක් වුව ද දික්‌වැල්ල සහ ගුණරත්න දෙදෙනා අපූරුවටම එම අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිල කැන්දාගෙන යනු ලැබුවා.
ඒ අතරේදී යුද හමුදා සාමාජිකයෙකු වූ අසේල වෙනුවෙන් තවත් හමුදා සාමාජිකයන් සිය ෆේස්බුක් ගිණුම් ඔස්සේ විවිද සටහන් තබා තිබෙනු දක්නට ලැබුණා. මේ එවැනි සටහනක්. යුද හමුදා කමාන්ඩෝ බළකාය නියෝජනය කළ විශ්‍රාමලත් මෙම කර්නල් වරයා තරගය ජය ගැනීම අභියෝගයක්ව තිබූ මොහොතේ සඳහන් කර තිබුණේ “අසේල උඹ සොල්දාදුවෙක්. වගකීම ඉටුකිරීම තමයි සොල්දාදුවෙකුගේ අභිමානය.
ඛෙත්තාරාමෙ ජාතික කොඩිය පහලට ගේන්න කලින් උත්තමාචාර කරපං. ජයවේවා!” ලෙසයි.

පසුව තරගය ජය ගැනීමෙන් අනතුරුව විශ්‍රාමලත් කර්නල් නිලන්ත ජයවීර සඳහන් කර තිබුණේ..
“අසේල.
උඹ සොල්දාදුවාගේ වගකීම ඉටුකලා.
අපේ ආචාරය.” ලෙසයි.
-nethgossip

COMMENTS