මෙම ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය මේ මස 16 වනදාට ලබා දෙන බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ප්‍රකාශ කර ඇත. එසේම විත්තියේ ඇප ඉල...
මෙම ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය මේ මස 16 වනදාට ලබා දෙන බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ප්‍රකාශ කර ඇත. එසේම විත්තියේ ඇප ඉල්ලීම පිළිබඳව ලිඛිත දේශන ලබන සිකුරාදාට පෙර ගොනු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය විසින් නීතිපතිවරයාට නියෝග කරන ලදී.
පසුගිය පෙබරවාරි 04 වනදා අත් අඩංගුවට ගැණුනු අර්ජුන් ඇලෝශියස් සහ කසුන් පලිසේන පසුදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එහිදී ඔවුන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් සිය සේවාදායකයින්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ අතර මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ එම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කරන ලෙසය.
ඒ අනුව එම නීතීඥයින් විසින් අද පෙරවරුවේ මෙලෙස ලිඛිත ඇප ඉල්ලීමක් ගොනු කරනු ලැබිණි.
RN
COMMENTS