ඊසාන දිග චීනයෙන් වාර්තා වෙමින් පවතින නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් "පොකුර" සහ වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ රෝගීන් අතර පැහැදිලි...
වුහාන් නගරයේ රෝගීන්ට සාපේක්ෂව ජිලින් සහ හයිලොංජියැන්ග් නගරවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සුව වීමට වැඩි කාලයක් ගත වන බව එම වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ විශේෂඥයෙක් වන වෛද්‍ය Qiu Haibo ප්‍රකාශ කර සිටින්නේ අළුතින් වාර්තා වන රෝගීන් කාලාතුරකින් වෛරසයේ මුල් රෝග ලක්ෂණය වන උණ රෝගය පෙන්නුම් කරන බවත් ඔවුන්ගේ සිරුරේ අනෙක් අවයව වලට සාපේක්ෂව වෛරසයෙන් පෙනහළු වලට ඇතිකරන හානිය අධික බවත්ය.
චීනයේ CCTV රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් වෛද්‍ය Haibo කියා සිටියේ ඊසාන දිග චීනයෙන් වාර්තා වන නව ආසාදිතයින් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට වැඩි කාලයක් ගන්නා බවයි.
මේ හේතුවෙන් වෛරසය ආසාදිත පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකුට එය වැළදීමේ ඇති ඉඩ කඩ වැඩි බව ඔහු අවධාරණය කළේය.
වෛද්‍ය Haibo ප්‍රකාශ කර සිටියේ ඊසාන දිග චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින වෛරසය විදෙස් රටකින් පැමිණි එකක් බවත් එය පැමිණියේ කුමන රටකින්ද යන්න ගැන පැහැදිලිවම ප්‍රකාශ කළ නොහැකි බවයි.
අමෙරිකාව විසින් සිදුකළ පර්යේෂණයකින් හෙළිව ඇත්තේ කොරෝනා වෛරස තුල වෙනස් වූ රෝග කාරක 14ක් ඇති සොයා ගෙන ඇත.
COMMENTS