සැලසුම් කරන ලද දුම්රිය ගමන් වාර සඳහා ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යාම තවදුරටත් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. වෙන්කරන ලද ආසන...
සැලසුම් කරන ලද දුම්රිය ගමන් වාර සඳහා ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යාම තවදුරටත් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
වෙන්කරන ලද ආසනවල පුරප්පාඩු පවතින්නේ නම් පමණක් රාජකාරි හැඳුණුම්පත පෙන්වා දුම්රියෙන් ගමන් කිරිමට අවස්ථාව සලසා දී ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි වී.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය මත දුම්රිය ස්ථාන වෙත පැමිණෙන සියලු මගීන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට නොහැකි වනු ඇති බව වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.
ලබන සතිය තුළ දුම්රිය ගමන්වාර සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගැනිමට බලාපොරොත්තු වන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.
COMMENTS