ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජන රැලි මාලාවේ උඩුනුවර ආසනයේ ජන රැලිය හිටපු ජනාධිපති මහින්...
ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජන රැලි මාලාවේ උඩුනුවර ආසනයේ ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගෙලිඔය නගර මධ්‍යයේදී පැවැත්විණි.
එම ජනරැලිය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කරන අපේක්ෂකයින් ඇතුළු පාක්ෂිකයින්ද සහභාගි වී සිටියහ.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැලිය ඇමතීමෙන් පසුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පස්වරු 5.15ට පමණ ජනරැලියට එක්විය.
පසුව හිටපු ජනාධිපතිවරයා රැලිය අමතමින් සඳහන් කළේ රැලියට පැමිණ ඇති ජනතාවේ හිස් ගොඩ දැක්කම හෙට තමාට තවත් බැණුම් ඇසීමට සිදුවන බවයි.
මෙලෙස ජනරැලිය අමතමින් සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එම කතාව බාධා කරමින් පුද්ගලයෙකු මහ හඩින් කියා සිටියේ “සර් කතාකරන්න එපා අපිටයි කතා කරන්න ඕන ජයවේවා සර් ජයවේවා“ යනුවෙනි.
එම කතාව අසා සිටි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ “මම එහෙනම් ඔයගොල්ලන්ට කතා කරන්න ඉඩ දෙන්නම්කෝ. දැන් කොහොමද පෝර ටික ලැබෙනවද.“
එම වීඩියෝව පහතින්,
COMMENTS