ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (5)...
ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (5) විවෘත වරෙන්තු නිකුත් කළාය.
ඔහුට එරෙහිව කොටුව අධිකරණයේ විභාගවන නඩුවක් සම්බන්ධයෙන් පසුගිය වසරේ නොවැම්බර් 17වැනිදා සිට මේ දක්වා පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරුණු අතර ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නීත්‍යනුකූල නොවන අන්දමින් ගොඩනැගිල්ලක් මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරිනු ලැබ සිටී.
COMMENTS