ඊයේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ සම්මේලනයේදී රාජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම විසින් රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාර...
ඊයේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ සම්මේලනයේදී රාජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම විසින් රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට අමු කුණුහරුපයෙන් බැන වැදුනේ ප‍්‍රසිද්ධියේමය.
එම සමුළුව සදහා පැමින සිටි අයෙකු වැරදි ලෙස රිය පැදවී යයි පොලීසිය විසින් ඔහුගේ රියදුරු බලපත‍්‍රය ලබාගෙන තාවකාලික අවසර පතක් නිකුත් කිරීම නිසා මෙම තත්වය ඇති විය.
රාජ්‍ය ඇමතිවරයා පැමිණ පොලිස් නිලධාරීන්ට බැණ වදින්නේ තරු පැලදගත් උසස් පොලිස් නිලධාරීන්ද බිම බලාගෙන නිහඬව සිටියදීය.
කුණුහරුපයෙන් බැන වැදීමෙන් නොනැවතුනු ඇමතිවරයා රියදුරු බලපත‍්‍රයද උදුරාගෙන ගියේය.
COMMENTS