මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග වෙන්දේසියේදී ශ්‍රී ලංකාවෙන් අලෙවි වූ පළමු ක්‍රීඩකයා බවට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පත්විය. ඒ ඔහුට නියමව...
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග වෙන්දේසියේදී ශ්‍රී ලංකාවෙන් අලෙවි වූ පළමු ක්‍රීඩකයා බවට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පත්විය.
ඒ ඔහුට නියමවූ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික මිලට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලට ගැනීමත් සමගිනි.
මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරයි.
ශ්‍රි ලංකා කණ්ඩායමට අකිල ධනංජය ගෙන ඒම සඳහාත් මහේල ජයවර්ධන වැඩි අවධානයක් යොමු කළ බවට තොරතුරු වාර්තා වෙයි.
දුෂ්මන්ත චමීරත් අලෙවි වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මෙවර අයි.පී.එල්. වෙන්දේසියේදි අලෙවි වූ දෙවැනි ක්‍රීඩකයා බවට දුෂ්මන්ත චමීර පත්විය.
ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 50කට මිලට ගැනීමත් සමගිනි.
ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික මිලක් නියම වී තිබුණත් පළමු වටයේදී හා දෙවැනි වටයේදී අලෙවි නොවුණි.
අකිල ධනංජය ඉන්දීය රුපියල් ලක්ෂ 50කට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අලෙවි විය.
COMMENTS