මැතිවරණ නීතියට පටහැනිව 2018 පළාත් පාලන මැතිවරණයේ සිය අපෙක්ෂක නාමයෝජනා පත්‍රය සැකසීම හේතුවෙන් ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයෙන් මහරගම නගරසභාව...
මැතිවරණ නීතියට පටහැනිව 2018 පළාත් පාලන මැතිවරණයේ සිය අපෙක්ෂක නාමයෝජනා පත්‍රය සැකසීම හේතුවෙන් ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයෙන් මහරගම නගරසභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ අතර මේ වනවිට ඔවුන් ජන්දදායකයන් අතරමං කිරීමේ කූඨ ක්‍රියාවලියක නිරතව සිටින බව වාර්තා වේ.
පසුගියදා පුවත්පත් සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මහරගමදී තම සහාය පාපැදිය ලකුණෙන් තරඟවදින ස්වාධීන කණ්ඩායමට ලබාදෙන බවයි.
එම ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කළ පසු ඔවුන් ඉල්ලා අස්වී ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයෙන් නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අපේක්ෂකයන් පත්කරන බව මේ වනවිට ඔවූහු ප්‍රචාරය කරමින් සිටිති.
වත්මන් මැතිවරණ නීතිය අනුව අපේක්ෂක පත්‍රිකාවේ සියළුම දෙනා ඉල්ලා අස්වුවද අපේක්ෂක ලයිස්තුවේ නොසිටින කිසිවෙකු පත්කිරීමට නීති ප්‍රතිපාදනයක් නොමැත.
එමෙන්ම මෙම ස්වාධීන කණ්ඩායම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිට එනම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිරිසක් යොදා සම්පූර්ණ කර ඇති අතර එම කණ්ඩායමට බලය ලැබුනද ඔවුන්ට සභාවට පත්වීමට හැකියාවක් නොමැත.
කෙසේ වෙතත් මේ වනවිටත් එම ස්වාධීන කණ්ඩායම, බලප්‍රදේශියේ පදිංචි නොවන පුද්ලයන් අපේක්ෂකයන් ලෙස යොදාගනිමින් සිදු කර ඇති නීතිවිරෝධී කටයුත්ත සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්ද ගොනු කර තිබේ.
ඒ අනුව ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අපේක්ෂකයන් විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර ඔවුන් බලය ඉල්ලන මොහොතේ සිටම ජනතාව රැවටීමේ ක්‍රියවලියේ නියැලී සිටින බවද මේ අනුව අනාවරණය වේ.
COMMENTS