දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2016 දෙසැ. 25 සිට දෙසැ. 31 දක්වා සතියේ පලාපල
Homeගොසිප්

2016 දෙසැ. 25 සිට දෙසැ. 31 දක්වා සතියේ පලාපල

PropellerAds

2016 දෙසැ. 25 සිට දෙසැ. 31 දක්වා සතියේ පලාපල මේෂ – ක්‍රමයෙන් දියුණුව තමාගේ කටයුතු කරගෙන යාමේදී තවදුරටත් බාධා අවහිරතා, ගැටලුකාරී තත්ත්වයන...

සිනමා විචාරක - සරසවිය කර්තෘ සුනිල් මිහිඳුකුල සමුගනී
දිවියෙන් සමුගත් යතුරු පැදි ශූර ආනන්ද වෙඩිසිංහගේ මරණීය අනතුර සිදුවූ හැටි (වීඩියෝ)
රත්නපුරදී මහරෑ මඩේ එරුණු හමුදා බෆල් රථය කොල්ලො ගොඩගත් හැටි (video)
2016 දෙසැ. 25 සිට දෙසැ. 31 දක්වා සතියේ පලාපල

මේෂ – ක්‍රමයෙන් දියුණුව
තමාගේ කටයුතු කරගෙන යාමේදී තවදුරටත් බාධා අවහිරතා, ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වන නිසා
තරමක් ප්‍රවේශම් විය යුතුයි. අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලා‍පොරොත්තු වන තරමට නොලැබිමේ ඉඩක්
පවතී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විශේෂයි. ආර්ථික සහ මූල්‍යමය ක්ෂේත්‍රයන්හි
වුවද ආදායම් ලැබුනද වියදම් පක්ෂය පාලනය කර ගැනීම ඉතා අසීරුය. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී
තරමක් කල්පනාකාරී වන්න. ගෙදෙර දොර කටයුතු කරගෙන යාමේදී වෙනදාට වඩා කාර්ය බහුලත්වයක්
පෙන්වයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන්ද විමසිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටන අයට
ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය: රතු   ජය අංකය: 09

වෘෂභ -බාධා මැද සතුට
තම බලා‍පොරොත්තු ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට යාමේදී අන්‍යයන්ගේ බාධා අවහිරතා මධ්‍යයේ ක්‍රියා
කිරීමට සිදුවේ. කෙසේද වුවත් විටෙක තරමක් බලා‍පොරොත්තු නොවන ආකාරයට මිල මුදල් ලාභ ලැබිමේ
ඉඩක් පවතී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විටෙක අවහිරතා ප්‍රමාදතාවයන්ට මුහුණ
පෑමට සිදුවනු ඇත. ගෙදර දොර කටයුතු යහපත්ය. එහෙත් විටින් විට අවහිරතා බාධාවලට ද ඉඩ පවතී.
දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් අවධියෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට
යහපත් වේ. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. ගමන් බිමන් තරමක්
අධිකයි. අනතුරු පීඩා තුවාලවලට ඉඩ පවතී.
ජය වර්ණය: නිල්   ජය අංකය: 06

මිථුන – ශුභදායකයි
යම් යම් බාධා අවහිරතා කිහිපයක් ඉස්මතු වුවද එකී දේවල් මගහරවාගෙන තම බලා‍පොරොත්තු ඉටුකර
ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර ගත හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී
අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ වැඩකටයුතු සාර්ථක වේ. මිල මුදල් තත්ත්වයෙහි
කිසියම් ඉහළ යාමක්ද පෙන්වයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේශම් වන්න. තුනටිය ආශ්‍රීත
පීඩා කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග, මූත්‍රා රෝගාදියෙන්ද ප්‍රවේශම් වන්න. ගෙදර දොර කටයුතු
යහපත්ය. සමගිය සමාදානයට එතරම් බාධා හා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගෙ කටයුතුවලට
ශුභදායකයි. දියුණවක් ලබයි. තමාගේ අධ්‍යාපන කටයුතු උදෙසා වෙනදාට වඩා මහන්සියෙන් යුතුව
ක්‍රියා කරනු ඇත.
ජය වර්ණය: කොළ   ජය අංකය: 05

කටක – මිශ්‍රපලයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා, ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු විය
හැකි නිසා තරමක් දරට කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් දෝෂාරෝපණයන්ට ඉඩ පවතින බැවිනි.
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් මිශ්‍රපලදායක වේ. ආදායම් ලැබුනද ඔබට වියදම් පක්ෂය පාලනය කර
ගැනීම තරමක් අපහසුවේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක් ප්‍රවේශම් වන්න. ගෙදරදොර කටයුතු
මෙන්ම යුග දිවිය සම්බන්ධයෙන්ද තරමක් අවහිරතා බාධා ඉස්මතු කළ හැකි නිසා ඉවසිලිමත්වද බුද්ධිමත්වද
ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. කකුල් සම්බන්ධ
පීඩා, ‍ලේ දූෂ්‍යාබාධ උණ ගති බලපායි.
ජය වර්ණය: ක්‍රීම් පාට  ජය අංකය: 02

සිංහ – දුරබැහැර ගමන් වේ
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී රාජකාරී අවශ්‍යතාවයන් උදෙසා දුර බැහැර ගමන්
යනාදියට සහභාගි වේ. ශරීරයට තද වෙහෙසකාරී ගති බලපායි. කෙසේද වුවත් අන්‍යයන්ගේ ආධාරය
උපකාරය ලබයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට
තරමක් වාසි සහගත වේ. ගෙදර දොර කටයුතුවලදී යම් යම් බාධා අවහිරතා පරස්පරතාවයන්ට මුහුණ
පෑමට සිදුවේ. දරුවන්ගේ කටයුතු නම් සාමාන්‍ය අන්දමට සිදුවේ. තමාගේ ඉගෙනීම් කටයුතු සම්බන්ධයෙන්
තරමක් ප්‍රවේශම්ව ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් උනන්දුව, කැපවීම අඩුවීම තුළ අතපසුවීම් වලට ඉඩක්
සැලසෙන බැවිනි.
ජය වර්ණය: රතු   ජය අංකය: 01

කන්‍යා – බලා‍පොරොත්තු ඉටුවේ
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා, ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වුවද
අන්‍යයන්ගේ ආධාරය, උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු බලා‍පොරොත්තු ඉෂ්ඨ සිද්ධ කර ගත හැක.
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් වුවද විවිධ අංශයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරගනී.
වාසිදායක තත්ත්වයක්ද ඉස්මතු වේ. තමාගේ ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු ද
ශුභදායකයි. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත් වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින
අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ආගමික සහ සමාජීය කටයුතුවලටද හිත ඇදී යයි.
තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය: කොළ  ජය අංකය: 05

තුලා – ශුභාශුභ මිශ්‍රයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විටින් විට අනවශ්‍ය බාධා අවහිරතා, ගැටලුකාරී
තත්ත්වයන් උදා කරන නිසා තම කටයුතු ලෙහෙසියන්ද පහසුවෙන්ද කරගෙන යාම තරමක් අසීරුය. ඉවසීමෙන්ද
බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම් අයහපත් නොවේ. වෙළෙඳ
ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. ගෙදර දොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදුවේ. සමගිය සහ
සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සතුටුදායක වාතාවරණයක්
උදාවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභදායකයි. අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ සැලසේ.
විදේශීය සම්බන්ධතා මත කරන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි.
ජය වර්ණය: නිල්   ජය අංකය: 06

වෘශ්චික – බාධා මැද දියුණුව
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. ආර්ථික
වාසි ගෙනදේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් ලබයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන
යාමේදී විටින් විට අවහිරතා ඉස්මතු වුවද ඒවා මැඬපවත්වාගෙන තමාගේ කටයුතු සාර්ථක කර ගත හැක.
ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු ද එක්තරා ප්‍රමාණයකට සමගිය සහ සාමය බිඳ
නොවැටෙන පරිදි තම කටයුතුවල නියුක්ත විය හැක. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය
උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිමට ද පුළුවන. දරුවන්ගේ කටයුතු උදෙසා ශ්‍රමයත්
ධනයත්, කාලයත් වැයවේ.
ජය වර්ණය: රතු   ජය අංකය: 09

ධනු – මිශ්‍ර පලයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී යම් යම් ගැටලුකාරී අවස්ථා ඉස්මතු වුවද ඔබගේ
උත්සාහය තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ද උදා කරනු ඇත. කෙසේද වුවත් අන්‍යයන්ගේ සහයෝගය
ඔබට ලැබෙනු ඇත. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම්ම අයහපත් නොවේ. අංශ කීපයකින් ආදායම්
මාර්ග වර්ධනය වේ. ගෙදෙරදොර කටයුතු යහපත්ය. සමගිය, සාමයට එතරම් බාධා එල්ල නොවේ.
දරුවන්ගේ කටුයතු යහපත් වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් හැදෑරීමට ඉඩ
සැලසේ. ඒ තුළ ප්‍රගතියක් ලබයි. ආගමික සහ සමාජීය අංශයට නැඹුරු වී ක්‍රියා කරයි.
ජය වර්ණය: රන්වන්  ජය අංකය:  03

මකර – වාසි ගෙනදේ
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අන්‍යයන්ගේ ආධාරය, උපකාරය ලැබිම තුළ තමාගේ
කටයුතු ලෙහෙසියෙන්ද, පහසුවෙන්ද ඉටු කරයි. අලුත් කටයුතු කිහිපයක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් වේ.
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. ආර්ථික වාසි ගෙනදේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට
වාසි ලැබේ. ගෙදර දොර කටයුතු යහපත්ය. සමගිය, සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු
යහපත් වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභදායකයි. අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව
සැලසේ. දුරබැහැර ගමන් කිහිපයක්ම යෙදේ. ඒවා සාර්ථක වුවද ශරීරයට තද ලෙස වෙහෙස මහන්සි ගති
ඇති කරයි. සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය: නිල්   ජය අංකය: 08

කුම්භ – යහපත්ය
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. වෙළෙඳ අංශවල යෙදී සිටින අයට ශුභදායකයි. විවිධ
ක්ෂේත්‍රයන් තුළින් ආර්ථික වාසි උපයා ගනී. ආදායම් ලැබුනද වියදම් පක්ෂය ද ඉහළ යයි. වෘත්තීය සහ
රැකීරක්ෂා කටයුතුවලදී ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල උදාකර ගනී. දරුවන්ගේ
කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට වෙනදාට වඩා පහසුකම්
සැලසේ. තමාගේ උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. විදේශිය සම්බන්ධතා මත කරන කටයුතු කිහිපයක්
සාර්ථක වේ. ගමන් බිමන් අධිකයි.
ජය වර්ණය: නිල්   ජය අංකය: 08

මීන – මිශ්‍රපලයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී උසස් නිලධාරීන්, ප්‍රධානින් සමග සම්බන්ධව ක්‍රියා
කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. ඔවුන්ගේ අවධානය ඔබට යොමුවී තිබෙන බැවිනි. ස්වකීය උත්සාහය සහ
කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. අඩු
වශයෙන් තමාගේ වියදමට සරිලන ආදායමක් ද උපයා ගනී. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ
කටයුතුවලින්ද තරමක් ප්‍රවේශම් විය යුතුයි. විටෙක සමගියට සාමයට බාධා එල්ල විය හැකි බැවිනි.
දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය කරයි. අධ්‍යාපන අංශයේ නියුක්ත අයට
ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගනී.
ජය වර්ණය: රන්වන්  ජය අංකය: 03

– ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී ජී.ඇම්. ගුණපාල –
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2016 දෙසැ. 25 සිට දෙසැ. 31 දක්වා සතියේ පලාපල
2016 දෙසැ. 25 සිට දෙසැ. 31 දක්වා සතියේ පලාපල
http://ift.tt/2gqwJdW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/2016-25-31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/2016-25-31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy