මේ වන විට ජාතික ලේ බැංකුවේ මතුව ඇති අධික ලේ හිඟයට පිළියමක් වශයෙන් ජාතික ලේ බැංකුව හා එක්ව දෙහිවල - ගල්කිස්ස මහනගර සභාව විසින් මෙම වැඩස...
මේ වන විට ජාතික ලේ බැංකුවේ මතුව ඇති අධික ලේ හිඟයට පිළියමක් වශයෙන් ජාතික ලේ බැංකුව හා එක්ව දෙහිවල - ගල්කිස්ස මහනගර සභාව විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ නාගරික කොමසාරිස් ධම්මික මුතුගල මහතාගේ ප්‍රධානත්වයෙනි.
එදින උදෑසන 9 සිට සවස 3 දක්වා පැවති මෙම වැඩසටහන සඳහා ලේ දන්දීමට 250කට ආසන්න පිරිසක් එක් වී සිටීම විශේෂත්වයකි. එසේම ඊට සහයෝගය පළ කිරීම සඳහා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නිලධාරි මණ්ඩලය, සේවකයන්, ත්‍රිවිධ හමුදාව සහ ප්‍රදේශවාසීන්ද සහභාගී වී සිටියහ.
COMMENTS