විද්‍යා උපකරණ කට්ටලයක් ලබා දෙන බව දන්වමින් දිවයින පුරා II වර්ගයේ පාසල්වල විදුහල්පතිවරු අරලිය ගහ මන්දිරයට කැඳවා අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රචා...
විද්‍යා උපකරණ කට්ටලයක් ලබා දෙන බව දන්වමින් දිවයින පුරා II වර්ගයේ පාසල්වල විදුහල්පතිවරු අරලිය ගහ මන්දිරයට කැඳවා අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රචාරක කටයුත්තක් කර ඇතැයි ලංකා ගුරු සංගමය මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් යවමින් කියා සිටියි.
ඔවුන් සිදුකර ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාගේ කණෙන් රිංගා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදුකිරීමකැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
විද්‍යා උපකරණ කට්ටලයක් ලබාදීමට පැමිණෙන්නැයි දුරකථන මඟින් දන්වා විදුහල්පතිවරු අරලියගහ මන්දිරයට ගෙන්වා ගෙන පසුව අදාල විද්‍යා උපකරණ කට්ටලය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මඟින් යවන බවත් කොළඹට කැඳවූයේ විද්‍යා උපකරණ හඳුන්වාදීමේ වැඩසටහනක් සඳහා බවත් පසුව ගුරුවරුන්ට පවසා ඇතැයි එම සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
මෙය වෙනස්ම අන්දමේ දන්සල් ක‍්‍රමයකැයි පෙනී යන බව කී ස්ටාලින් මහතා මැතිවරණය ඉලක්ක කරගෙන බලය යොදවා කරන මෙවැනි නින්දා සහගත කටයුතු හෙළා දකින බව ද සඳහන් කළේය.

COMMENTS