අගමැතිතුමා එකතු වී හොරකම් නොකළ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි. ඇය මේ බව කියා සිටියේ අත්තනගල්ල ප්‍රදේශ...
අගමැතිතුමා එකතු වී හොරකම් නොකළ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.
ඇය මේ බව කියා සිටියේ අත්තනගල්ල ප්‍රදේශයේ ඊයේ (07) පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී හිටපු ජනාධිපතිනිය මෙසේ අදහස් දැක්වීය.
“අපි ජාත්‍යන්තරයට ඕනේ විදියට වැඩ කරන්නේ නැහැ. අපිට ඕනේ දේ අපි කියලා. ජාත්‍යන්තරය ඒකට එකඟ කර ගත්තා. ඒකයි ජයග්‍රහණය කරනවා කියන්නේ. ඉල්ලා අස්වෙන්න කියන්නේ පොහොට්ටුකරයෝනේ. ඒක ඉතින් විරුද්ධවාදීන් කියන දේවල්. අගමැතිතුමයි, ජනාධිපතිතුමයි එකට එකතු වෙලා බැඳුමකරේ හොරකම් කරපු අයට විරුද්ධව ඇක්ෂන් ගත්තා. මහින්ද එහෙම මුකුත් කෙරුවද? එයාගේ හොරකම් කරපු අයට විරුද්ධව. අගමැතිතුමා දාන මිනිස්සු හොරකම් කලා කියලා අගමැතිතුමා දැම්ම නිසා ටිකක් වගකියන්න ඕනේ. නමුත් අගමැතිතුමා උන් එක්ක එකතුවෙලා හොරකම් කළේ නැහැනේ. එයා මොකටද අස් වෙන්නේ?”
COMMENTS