දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසී පිටපත් අතර බරපතළ පරස්පරතාවක් තියෙනවා" - ගම්මන්පිල සියල්ල හෙළි කරයි
Homeප්‍රවෘත්ති

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසී පිටපත් අතර බරපතළ පරස්පරතාවක් තියෙනවා" - ගම්මන්පිල සියල්ල හෙළි කරයි

PropellerAds

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසී පිටපත් අතර බරපතළ පරස්පරතාවක් ඇති බවත් , රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය අහිමිවීම වලංගු ව්‍යව...

මුජිබර් යකා නටද්දී හිරු බලයේදී මුසම්මිල් වහාබියන්ගේ බුර්කා ගලවයි.. සමාජ ජාලාවල ඉහලම හරසර - (video)
සහාරන් ගේ අම්පාර නායක සියාම් කියපු ලක්ෂ 35ක වත්කම් සැඟවූ තැන හොයාගත්ත හැටි
‘සුරක්ෂා' ටෙන්ඩර් සභාපතිනිය Allianz ලෝකල් කියල රැවටිලා වුණ හදිය !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසී පිටපත් අතර බරපතළ පරස්පරතාවක් ඇති බවත් , රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය අහිමිවීම වලංගු ව්‍යවස්ථාව අනුව නීත්‍යානූකූලයව සිදු වූවක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ (30) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවක් නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඔහුට පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්විය.

"ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතයි, ඉංග්‍රීසි පිටපතයි අතර බරපතළ වෙනසක් තියනවා. 48 (1) වගන්තියේ කියනවා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත්, මහා මැතිවරණය අවසන් වීමත් අතර කාලය තුළ හැර ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයෙන් හෝ අග්‍රාමාත්‍ය ධුරය දැරීම නතර වූ විට පටන් ගන්නේ මොකෙන්ද? ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ එතකොට 48 (1) වගන්තියේ ජනාධිපති වලට බලය දීලා තියෙනවා ධුරයෙන් ඉවත් කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා එදිනෙදා පරිශීලනය කරන ඉංග්‍රීසි පිටපතේ කොහොමද මේක ලියලා තියෙන්නෙ? අගමැතිවරයාගේ මරණය, ඉවත් වීම හෝ අන්‍යාකාරයකින් අගමති ධුරයේ කටයුතු කිරීම නතර වූ විට, අතන තිබ්බේ මොකක්ද? ධුරයෙන් ඉවත් කිරීම ඉවත්වීම සහ අන්‍යාකාරයෙන්. ඉංග්‍රීසි එකේ ඉවත් කිරීම වෙනුවට තියෙන්නේ මරණය. මේ ලෝකේ කිසිම රටක අග්‍රාමාත්‍ය ධූරය මිය ගිය හොල්මනක් කටයුතු කරලත් නැහැ, කරන එකකුත් නැහැ. එහෙනම් ඒක අදාලම නැත."

"සිංහල පිටපතේ ඉවත් කරන්න පුළුවන් කියලා තියෙනවා, ඉංග්‍රීසි පිටපතේ ඒක නැහැ. ඉංග්‍රීසි පිටපත කියවන රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිතාගෙන ඉන්නවා ජනාධිපතිතුමාට එතුමාව ඉවත් කරන්න බැහැ කියලා. ඉංග්‍රීසි පිටපතේවත්, දෙමළ පිටපතේවත් තියෙන දේ නෙවෙයි වැදගත් වෙන්නේ සිංහල පිටපතේ කුමක්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ වුණත් සිංහලයි, දෙමලයි අතර අනනුකුලතාවයක්, නොගැලපීමක් ඇති වුනොත් බලපවතින්නේ සිංහල පිටපත. මේ ක්‍රම දෙකෙන්ම බැලුවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධූරය අහිමි වීම නිත්‍යානුකූලයි. 2018 ඔක්තෝම්බර් 26 වෙනිදා උදේ මුළු රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අද අරලියගහ මන්දිරයට පසු බැහැලා තියෙනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසී පිටපත් අතර බරපතළ පරස්පරතාවක් තියෙනවා" - ගම්මන්පිල සියල්ල හෙළි කරයි
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසී පිටපත් අතර බරපතළ පරස්පරතාවක් තියෙනවා" - ගම්මන්පිල සියල්ල හෙළි කරයි
http://am.lk/media/k2/items/cache/5043371927b2e63e37d9b23e02a0795b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_558.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_558.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy