දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇලෝෂියස්ගේ පර්පචුවෙල් ව්‍යාපාර සමූහයේම ගිණුම් තහනම් කරයි
Homeප්‍රවෘත්ති

ඇලෝෂියස්ගේ පර්පචුවෙල් ව්‍යාපාර සමූහයේම ගිණුම් තහනම් කරයි

PropellerAds

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පචුවෙල් ව්‍යාපාර සමූහයට අයත් සමාගම් 28හිම බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිද...

ගෝටාභය දිනනවා.. වැඩි ඡන්ද අවමය ලක්‍ෂ 10යි..- එජාප මන්ත‍්‍රී කැට තබා කියයි..
ජනපතිට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙයි !
මං විශ‍්‍රාම යන්න කැමති නෑ..- ජනාධිපති කියයි..
ඇලෝෂියස්ගේ පර්පචුවෙල් ව්‍යාපාර සමූහයේම ගිණුම් තහනම් කරයි

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පචුවෙල් ව්‍යාපාර සමූහයට අයත් සමාගම් 28හිම බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන ඇතැයි මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් ඇලෝෂියස් මහතා අධ්‍යක්‍ෂධූරය හෙබවූ මෙම සමාගම්වල ගිණුම් පවත්වාගෙන යන සියලුම බැංකුවලට මහබැංකුවෙන් පසුගිය බදාදා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම ගිණුම්වල මුදල් ඉවත්කර ගැනීමට යන බවට බුද්ධි ඒකකයට ලැබී ඇති තොරතුරු අනුවය.

ගිණුම් අත්හිටුවීමත් සමඟ අදාළ සමාගම් 28ට තම ගිණුම් භාවිත කරමින් කිසිඳු මූල්‍ය හෝ ව්‍යාපාරික කටයුත්තක නිරතවීමට නොහැකි වේ.

මෙසේ තහනමට ලක් කළ සියලුම බැංකු ගිණුම් එකින් එක ගෙන පරීක්ෂාවට ලක්කිරීමට මහ බැංකුවෙන් පියවර ගෙන ඇති අතර එසේ කරනු ලැබ ඇත්තේ සේවක වැටුප් ගෙවීම වැනි එදිනෙදා කටයුතු කරගෙන යෑමට එම සමාගමට පහසුකම් සැලසීම සඳහාය.

එම නිරීක්ෂණ සහ විමර්ශන කටයුතුවලින් අනතුරුව අදාළ බැංකු ගිණුම් හරහා සිදුවන නෛතික මූල්‍ය ගනුදෙනු සඳහා පමණක් ඉඩ ප්‍රස්ථාව ලබාදෙන බව ද අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ එම සමාගම්වල ගිණුම් තහනම් කිරීම සඳහා හදිසියේ පියවර ගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ අරමුණින් යැයි ද පැවසේ.

මහ බැංකුව මගින් මෙසේ බැංකු ගිණුම් තහනම් කරනු ලැබ ඇති සමාගම් අතර පර්පචුවෙල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගම, පර්පචුවෙල් ඇසට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම, පර්පචුවෙල් කැපිටල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම, ඩබ්. එම් මෙන්ඩිස් සහ සමාගම, ඉන්ටග්‍රේටඞ් මීඩියා නෙට්වර්ක්ස් පුද්ගලික සමාගම ද වේ.

භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු සඳහා පර්පචුවෙල් සමාගම විසින් පවත්වාගෙන ගිය ගිණුම් දෙකක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මීට ඉහතදී තහනම් කරනු ලැබූ අතර අලුත්ම තහනම පනවා ඇත්තේ ඊට අමතරවය.

කලින් තහනම් කළ වත්කම්වල වටිනාකම මුදලින් රුපියල් බිලියන 12.5කි. මෙයින් රුපියල් බිලියන 7.5ක් මුදල් වන අතර ඉතිරි ඒවා සුරැකුම්පත් වේ. එම තහනම ඉවත් කර ගැනීම සඳහා පර්පචුවෙල් සමාගම් සමූහය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය ද ප්‍රතික්ෂේප කෙරිණි.

මුදල් විශුද්ධිකරණය රෙගුලාසි සහ පරිපාලනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසිනි. පර්පචුවෙල් සමාගම ප්‍රාථමික හා ද්විතීය වෙළෙඳපොළේ කරන සියලු වෙළෙඳ කටයුතු තාවකාලිකව නවතා දැමීමට මූල්‍ය මණ්ඩලය තීරණ කර තිබිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇලෝෂියස්ගේ පර්පචුවෙල් ව්‍යාපාර සමූහයේම ගිණුම් තහනම් කරයි
ඇලෝෂියස්ගේ පර්පචුවෙල් ව්‍යාපාර සමූහයේම ගිණුම් තහනම් කරයි
http://am.lk/media/k2/items/cache/6a776705bf513261dbe144a1623002c2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_822.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_822.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy