මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකර ඒ වෙනුවට ආයතන දෙකක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශ...
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකර ඒ වෙනුවට ආයතන දෙකක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් යුත් නිවේදනයේ දැක්වෙන්නේ සයිටම් ගැටලුව විසඳීම සඳහා පත්කළ 09 දෙනෙකුගෙන් යුතු කමිටුවේ මෙම විසඳුම ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව වර්තමාන කොටස්කරුවන්, ණයදෙන ආයතන, සයිටම් ආයතනයේ සියලුම මෙහෙයුම් කටයුතු සහ කළමනාකාරීත්වය ලබාගැනීමට කැමැත්ත දක්වා තිබෙන නව ආයතනය නීත්‍යාණුකූලව පිළිගන්නා පරිදි සයිටම් ආයතනය අහෝසි කර එහි සියලුවත්කම්, වගකීම්, කාර්ය මණ්ඩලය සහ සිසුන් වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් ඇති කිරීමට නියමිත අවම ප්‍රමිතීන්ට අනුකූලව (කැබිනට් අනුමැතිය හිමිව ඇත) ස්ථාපිත කරන උපාධි ප්‍රදානය කරන යෝජිත රාජ්‍ය නොවන සහ ලාභ නොලබන (වියදම ඉක්මවන අතිරික්ත ආදායමක් ලැබෙන විට එය කොටස්කරුවන් අතර නොබෙදා ආයතනයේ සංවර්ධන කටයුතු හෝ පර්යේෂණ කටයුතු හෝ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යොදවන) ආයතනයකට පැවරිය යුතුය යන්න ඔවුන් නිර්දේශ කර තිබේ.
ඒ සඳහා එකිනෙකින් වෙන්වූ ආයතන දෙකක් ඇතිකළ යුතු අතර මෙම ආයතන දෙකම වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය.
01 සයිටම් ආයතනයේ හිටපු සියලුම වෛද්‍ය සිසුන් බඳවාගනිමින් සහ සයිටම් ආයතනයේ සියළුම වත්කම් සහ වගකීම් පවරා ගනිමින් සයිටම් අහෝසි කිරීම සඳහා ස්ථාපිත කරන ලාභ නොලබන නව ආයතනය. සයිටම් ආයතනයේ වර්තමාන අවසන් වෛද්‍ය සිසුන් කණ්ඩායම උපාධිය ලබාගත් පසුව මෙම ආයතනයේ මෙහෙයුම් කටයුතු අවසන් කරන අතර මෙම ආයතනය සඳහා අලුතින් සිසුන් බඳවා නොගනී.
02 වසර 2019 සිට සිසුන් බඳවාගැනීම සඳහා පිහිටුවන ලාභ නොලබන නව ආයතනය.
2017 දෙසැම්බර් 30 වනදා රජය සයිටම් ආයතනය සහ මෙරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන, ලාභ නොලබන උපාධි ප්‍රදානය කරන ආයතනයක් වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම අවබෝධතා ගිවිසුමට අනුව සයිටම් ආයතනය අහෝසි වෙමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යෝජිත නව ආයතන දෙක ආරම්භ කරන අතර ඒ සඳහා රජයේ මාර්ගෝපදේශනය හිමිවේ. නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව මෙම අවබෝධතා ගිවිසුම නීත්‍යාණුකූල ගිවිසුමක් බවට පත්වේ.
COMMENTS