දිවයිනේ සියලූම පොලිස් බල ප්‍රදේශවල තිබෙන වාහන ගාල් කරන ස්ථාන, වාහන නැවතුම්පලවල හා රෝහල් ආශ්‍රිතව ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් යම් පිපිරවීමක...
දිවයිනේ සියලූම පොලිස් බල ප්‍රදේශවල තිබෙන වාහන ගාල් කරන ස්ථාන, වාහන නැවතුම්පලවල හා රෝහල් ආශ්‍රිතව ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් යම් පිපිරවීමක් සිදුකර ජීවිත හා දේපල හානි සිදුකිරීමට ඉදිරි දින කිහිපය තුළ ඉඩ ඇති බවට පොලිස් මූලස්ථානය දන්වා ඇති බව වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් සඳහන්ව ඇති විශේෂ නිවේදනයේ සඳහන් වන්නේ පොලිස් මූලස්ථානයේ, විශේෂ මෙහෙයුම් මැදිරිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් කොට්ඨාශ භාර නිලධාරීන් වෙත මේ බව දැනුවත් කර සිටින බවයි.
මෙවැනි සිදුවීම් වලක්වා ගැනීමට අදාළ කටයුතු සිදුකරන ලෙසත් එහි සඳහන්ව ඇත.
COMMENTS