දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති තීන්දුව ව්‍යවස්ථාවට පටහැනියි : කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක්.
Homeගොසිප්

ජනපති තීන්දුව ව්‍යවස්ථාවට පටහැනියි : කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක්.

PropellerAds

මත්පැන් මිල දී ගැනීම සහ මත්පැන් වෙළෙඳසැල්හි රැකියා කිරීම සම්බන්ධයෙන් වසර හැටක පමණ කාලයක් කාන්තාවන්ට බල පැවැත්වුන තහංචි ඉවත් කරමින් මුදල් ...

ශ්‍රී ලංකන් - මිහින් ලංකා ගැන හොයන්න ජනපති කොමිසමක්.
මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම්.
තනි අතට බලය ගන්න මෛත්‍රිට රනිල්ට දැඩි බලපෑම්.

මත්පැන් මිල දී ගැනීම සහ මත්පැන් වෙළෙඳසැල්හි රැකියා කිරීම සම්බන්ධයෙන් වසර හැටක පමණ කාලයක් කාන්තාවන්ට බල පැවැත්වුන තහංචි ඉවත් කරමින් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත්කළ ගැසට් නිවේදනය වහාම අවලංගු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදී ඇති නියෝගය ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව දේශපාලන විචාරකයින් පවසති.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්චේදයේ මුලික අයිතිවාසිකම් යටතේ, ''කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය.''

එසේම, ''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත්‍රී පුරුෂ භේදය යන හේතුන් මත හෝ ඉන් කවරහෝ හේතුවක් මත හෝ වෙළඳසල් වලට, පොදු භෝජනාගාරවලට, ආපනශාලාවලට, පොදු විනෝද ස්ථානවලට හෝ තම තමන්ගේ ආගමට අයත් පොදු පුජනීය ස්ථානවලට ඇතුල්වීම සම්බන්ධයෙන් යම් ආශාක්නුතාවයකට, බැඳීමකට, සීමාකිරිමකට නැතහොත් කොන්දේසියකට කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේය. ''

සම අයිතිය තහවුරු කිරීමක් :

එසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සම අයිතිය තහවුරු කර තිබිදීත්, එය නොසලකා වසර 60 අධික කාලයක් කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීම වළකාලමින් පනවා තිබු තහනම ඉවත්කරමින් සුරාබදු ආඥා පනත යටතේ වන විශේෂ ගැසට් නිවේදනයක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය 10 වැනිදා අත්සන් තැබීය.

ඒ අනුව, මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරීමට මෙන්ම මත්පැන් මිලදී ගැනීමටද කාන්තාවන්ට පනවා තිබු වාරණය අහෝසිවිය.

ඒ අනුව වසර 60 අධික කාලයකට පසු වයස අවුරුදු 18 ඉහළ කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීම සඳහා අවසර හිමිවිය.

කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් සිදුවන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර 1955 වසරේ ක්‍රියාත්මක අදාළ නීතිය සංශෝධනය කිරීමට තීන්දු කළ බව රජය නිවේදනය කර තිබිණ.

අදාළ නීතිය සංශෝධනය කෙරුණු බව ජනවාරි 10 නිවේදනය කෙරෙනු අතර ඒ අනුව මත්පැන් අලෙවිසැල් තුළ සේවය කිරීම සඳහා ද කාන්තාවන්ට පූර්ව අනුමැතියක් අවශ්‍ය නොවිය.

දේශපාලන වාසි ලබාගැනීමට !

කෙසේවුවද, මත්පැන් සඳහා කාන්තාවන්ට පනවා තිබු වාරණයක් ඉවත්කරමින් මුදල් අමාත්‍යවරයා විසින් ජනවාරි 10 බදාදා නිකුත් කරන ලද චක්‍රලේඛය අවලංගු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) අගලවත්තේ පැවති ශ්‍රීලනිප ප්‍රචාරක ප්‍රචාරක රැළියක් අමතමන් කියා සිටියේය.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසිය.

''කාන්තා වන්ට අරක්කු කඩවලට වෙළෙඳසැල් වලට ගිහිල්ලා -බාර්වලට ගිහිල්ලා අරක්කු බෝතල් මිලට ගන්න නොහැකිය කියල නීතියක් තිබුණය- ඒ නීතිය වෙනස් කළාය කියල මට දැන ගන්න ලැබුනා...

මම මුදල් ඇමති මංගල සමරවීර ඇමතිතුමාට කතා කළා. එතුමා දැන් දවස් තුනක් ඉන්දියාවේ. මම අපේ අගමැතිතුමාට ඊයේ උදේ කතා කළා. ආණ්ඩුවේ ඇමතිවරු කීප දෙනෙකුට කතා කළා. මම කිව්වා- මේ දාල තියෙන අලුත් චක්‍රලේඛය - බාර් ඇරලා තියන්න - උදේ අටේ ඉඳන් රෑ දහය වෙනකම් - කාන්තාවන්ට බාර්වලින් අරක්කු ගන්න අවසර දෙන චක්‍රලේඛය වහාම ඉවත් කර ගන්නය කියල" ඔහු අවධාරණයෙන් සඳහන් කළේය.

"ඒ චක්‍රලේඛය හෙට සිට අහෝසි කරනවා-අවලංගු කරනවා.එවැනි තීන්දු තීරණ විතරක් නොවෙයි, මීට වඩා ලොකු දේවල් වලදී වුනත්"යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියි.

පසුගිය සමයේ රාජපක්ෂවරුන් වෙනුවෙන් ක්‍රියාකාරිව සේවය කල භික්ෂුන් වහන්සේලා කිහිප නමකගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කලේ මෙම මැතිවරණයේදී දේශපාලන වාසිලබාගැනීම සඳහා බව දේශපාලන විචාරකයින් පවසති.

(newstube.lk)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති තීන්දුව ව්‍යවස්ථාවට පටහැනියි : කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක්.
ජනපති තීන්දුව ව්‍යවස්ථාවට පටහැනියි : කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක්.
http://ift.tt/2EFUcUY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_702.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_702.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy