පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ මහනගර සභාවේ නගරාධිපතිධූරය සඳහා තරඟ වදින මිලින්ද රාජපක්ෂ මහතාගේ සහ පොදුජන පෙරමුණු අපේක්ෂක කණ්ඩායමේ ප්‍රත...
පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ මහනගර සභාවේ නගරාධිපතිධූරය සඳහා තරඟ වදින මිලින්ද රාජපක්ෂ මහතාගේ සහ පොදුජන පෙරමුණු අපේක්ෂක කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්‍රකාශය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (18) පිළිගැන්වූවා.
ඒ කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවති ජන හමුවකදී.
"අපි කොළඹ තිරසාර නගරයක් කරමු" යන තේමාව ඔස්සේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය නිරමාණය කර ඇති අතර පරිසරහ හිතකාමි නගරයක් ලෙස කොළඹ නගරය සංවර්ධන කිරීමට අදාළ මූලික ප්‍රතිපත්ති රැසක් එහි අඩංගු වී තිබේ.
එම ප්‍රතිපත්ති ප්‍රකාශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූ අවස්ථාවේ ලබාගන්නා ලද ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
COMMENTS