ඉන්ට්ග්‍රේටඩ් මීඩියා නෙට්වර්ක්ස් (පෞද්ගලික) සමාගම විසින් මුද්‍රණය කර බෙදාහරින ලද ජනයුගය (බැඳුකර පත්තරය ලෙස ප්‍රකට) දිනපතා පුවත්පත අද (24) ...
ඉන්ට්ග්‍රේටඩ් මීඩියා නෙට්වර්ක්ස් (පෞද්ගලික) සමාගම විසින් මුද්‍රණය කර බෙදාහරින ලද ජනයුගය (බැඳුකර පත්තරය ලෙස ප්‍රකට) දිනපතා පුවත්පත අද (24) මුද්‍රණය කර නැතැයි වාර්තා වේ.
ඒ එහි සේවකයන්ට පසුගිය නොවැම්බර් මාසයේද වැටුප් නොගෙවීමට විරෝධය දක්වමින් එහි කර්තෘ මණ්ඩලය හා මුද්‍රණාල සේවකයන් වර්ජනයක් දියත් කිරීම හේතුවෙනි.
එම පුවත්පත ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අර්ජුන ඇලෝසියස් මහතාට අයත් එකකි.
ඒ මහතාගේ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ රුපියල් බිලියන 12 ක් මහ බැංකුව විසින් රඳවාගෙන තිබීම හේතුවෙන් එම පුවත්පතේ සේවකයන්ට මුදල් ගෙවීමට නොහැකි වීමට හේතුව බව එම සමාගම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
COMMENTS